Saturday, 7 October 2023

05

 



Mummy And Mommies 


Eposode 5 

fallen angel - තටු සිඳුණු දේවදූතයා 


ශ්වාත් සහ ශ්වේත් සාරණ්‍ය සමඟ සිටියේ නැවතත් සුපුරුදු රෝහල් කාමරයේය. 


" මේක ලොකු ශොක් එකක්. මිස් ස්වස්ථිකාගෙ තත්වෙ පොඩ්ඩක් ක්‍රිටිකල්. මිසටර් පෙරේරා ඔයාලට මිස් ස්වස්ථිකා ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න වෙනව . කලින් පාරත් එයා ගොඩක් බය වෙලයි උන්නෙ මතක විදියට. "


වෛද්‍යවරයා බැරෑරුම් ව පැහැදිලි කරන විට ශ්වාත් සහ ශ්වේත් සුසුම් හෙලුවෝය. ඔවුන් සිටියේ සිය වෘත්තීය ජීවිතයේ ආරම්භයේ වන විට මේ සිදුවීම් දෙක අතිශයින්ම ඔවුන්ගේ දිවියට බාධකයක් විණි. 

දැඩි පොලිස් ආරක්ෂාව මධ්‍යයේ පවා  සිදු වූ සිදුවීම් අතිශය අභිරහස් මය. 


"හරි ඩොක්ටර්. ආයෙම අක්කි මේවල ප්ලේ කරන්නෙ නෑ. ඩිස්චාජ් උනු ගමන් අපි ආයෙම ඉටලි යනව. "


සාර්ණ්‍ය ගේ හඬ ළාමක නොවිණි. එය සාපේක්ෂව රළු හඬකි. සාර්ණ්‍ය බාල නමුත් දැඩි  සහ නිහඬ ය. ඔහු මුදු වන්නේ ස්වස්ථිකා අසළ පමණකි. ද්

දෙටු සොයුරෝ එකිනෙකාගෙ මුහුණ බලාගත් හ.  


"මල්ලි එහෙම කරන්න බෑ මේක අපි තුන්දෙනාගෙම හීනයක්. මේක කාගෙ හරි එපා කරපු කැත විහිලුවක්. අපේ career  එකට මෙව්ක ලොකු අවුලක්. ඔයා දන්නව අපි කොහොමද build up උනේ කියල. "


ශ්වේත් ගේ හඬ කලබල සහිතය. සාර්ණ්‍ය සාවධානව අසා සිටියේය. 


"මට තව දුරටත් ඒව ගැන කිසිම උවමනාවක් නෑ අයියා. අක්කි ශොක් වෙන කිසිම දේකට මම ඉඩ දෙන්නෙ නෑ. ඊළඟ පාර දෙකක් නෙවේ තුනක් මැරෙයි. මෙච්චර murder වෙන එක සාමාන්‍ය නෑ. කෙනෙක් ඔයාගෙ career එක අවුල් කරන්න දැනටම මිනිස්සු 3ක් මරල නං ඒකෙන් අදහස් වෙන්නෙ අනිවාර්යේ ම ඔයා මේක නවත්තන්න ඕනෙ  කියන එකයි. "


ශ්වාත් ද සුසුමක් හෙලුවේය

"අපි private detective කෙනෙක් ව hire කරන්න ඕනෙ. "


ශ්වේත් ද හිස සැලුවේය.


"කොහොම කළත් අක්කිව අරන් යනව මම. "


සාරන්‍ය පැවසුවේ දැඩි හඬෙනි. 


"අපි මේක සෝල්ව් කලොත් ඔයා නවතිනවද?"


සාරණ්‍ය පවසන ඕනෑම දේකට ස්වස්ථිකා එකඟ වන බව දත් ශ්වාත් විමසුවේ  සැකයකිනි. සාරන්‍ය කිසි විටෙක ස්වස්ථිකා සම්බන්ධ ප්‍රතිපත්ති ලිහිල් නොකරන බව ඔවුහු දත්තෝය. 


"හරි. එක චාන්ස් එකයි. "


සාරණ්‍ය රෝහල් කුටියේ දොර විවෘත කළේ දෙටු  සොයුරන්ට පිටතට යන්නට ඉඟි කරමිනි. එය  සාකච්ඡා වේ අවසානය බව දැනගත් සොයුරෝ සුසුම් හෙලමින් පිටවූයේ අවිනිශ්චිත අනාගතය ගැන කලබලයෙනි. 


🎯🎶


පොලිස් මූලස්ථාන ප්‍රධානියා ගේ කැඳවීමට තෝරාගත් රහස් පොලිස් නිලධාරීහු රැස් ව සිටියේ රාත්‍රී දොළහ පසු වී මිනිත්තු පහළොවක කාලයේදීය. 


කැෆේන් කෝප්ප හිස් ව තිබුණේය. සිලින්ඩරාකාර මේසය වටා  රැස් ව සිටි සියල්ලෝ සිටියේ සිය උකුළු පරිගණක හසුරුවමිනි. ඔවුහු කිසිවෙක් අපේක්ෂා කළ බවක් පෙනිනි. සිලින්ඩරාකාර මේසයේ එක් අන්තයක් අසළ තිබූ බිත්තියේ බහු රූ ප්‍රක්ෂේපණ තිරයක වාදනය වෙමින් පැවතුණෙව් ස්වස්ථිකා ගේ වාදනයයි. 


"සර්, යොහාන් ට එන්න වෙන්නෙ නෑ. "


එක් හැඩි දැඩි නිලධාරියෙක් පැවසුවෙව් නිහඬතාවයක් ඇති කරමිනි. අතරින් පතර එපා වූ බවක් හඟවන හඬක් ඇසිණි. තිරයේ දර්ශනය නැවතිනි. 


"ඌ නැතුව කොහොමද කරන්නෙ? "


ගැඹුරු වියපත් හඬ ක් ගුගුලේය. 


"සර්, රාජතන්ත්‍රී මැඩම් ගෙ දුවට අසනීපයි. යොහාන් දැන් ආවොත් අපිට මිෂන් දෙකක් මිස් වෙනව  රාජතන්ත්‍රී ගේ මේන් බොඩිගාර්ඩ් අශ්වින්, අශ්වින් අමල් රොද්‍රිගෝ. "


ප්‍රධානියාගේ මුව ඇද වූයේය. 


"අශ්වින් කියන හාදය තදපොරක්. මිනිහ චයිනා ටව්න් වලත් ඉඳල තියෙනව. "


මැදිවිය පසු කළ නිලධාරියෙක් පැවසුවේ මේසයට පෑනකින් තට්ටු කරමිනි. 


"යොහා නැතුව කොහොමද මේක කරන්නෙ? කෙලිම්ම බහිමු කතාවට. උඹලා දන්නව කිසිම දෙයක් කරගන්න බැරි උනාම අපේ එකම සරණෙ ඌ කියල. "


වියපත් හඬ ඇසුණේ මෙවර  අඩු හඬකිනි. 

සියල්ලෝ නිශ්ශබ්ද වූහ. එය අසරණ භාවයේ නිශ්ශබ්ද් වීමකි. 


"හරි. පොලිසියෙන් ගත්තු  එව්ව මුලිම්ම කියපංකො. "


වියපත් හඬ නැවතත් දැඩිව නැගුනේය. 


"සර් වාත්සල්‍යා ගමගේ කියන්නෙ අගමැතිගෙ ලේලි. ඉස්සරහ පේලියෙ දෙවෙනි ආසනේ හිටියෙ වම් පැත්තෙ ඉඳන්. ළඟ ඉඳන් ඇනපු පහරක් විදියටයි තීරණේ වෙලා තියෙන්නෙ පහරෙ ප්‍රබලත්වය අනුව . ඒත් උග්‍ර විශක් හිංදයි මැරිල තියෙන්නෙ නම්.ඔක්කොම ස්වභාවික විශ. කිණිස්ස තනි රිදී. රිදී පවුම් පහළොවක බර කිණිස්සෙ තියෙනව.  කිසිම ඇඟිලි සලකුණක් නෑ.සී සී ටී වී දර්ශන වල පැහැදිලිව පහර එක්ක වුණු තැන පේන්නෙ  නෑ. ".


නිහඬතාවයක් ඇති විණි.


"හොල්මං ද බං? "


තරුණයෙකු විමසුවේ අනෙකුන් ද හිස වනන විටය. 


"මේක අරුම පුදුම රස්සාවක්. උඹල තාම පොඩියි. supernatural දේවල් පවා සිද්ද වෙනව. මේකට ආපුවම උඹලට තේරෙනව විද්‍යාවෙන් ටෙක්නික් වලින් විතරක් දේවල් පැහැදිලි කරන්න බෑ කියල. අපි ඉස්සරහට යන්ඩෝනෙ දැනෙන දේවල් වලින්. හරි උඹ ඊයෙ සිද්දි දෙකත් කියපං. "


ප්‍රධානියාගේ හඬ ඇසුණේ නොසන්සුන් සරකිනි. සිදුවීම් සියල්ලම අස්වාභාවිකය. නොපෙනෙන මිනීමරුවා කොහි සැඟව ඇත්දැයි  කිසිවෙක් නොදැන සිටියහ. 


"ඊයෙ මැරිල තියෙන්නෙ දක්ෂිණ දබරේරා ගෙ වයිෆ්. අකේලා ඈන් දබරෙරා. වයස තිස් තුනයි. ළමයි තුන් දෙනයි. එක්කෙනෙක් කලින් කසාදෙ ලමයෙක්. දක්ෂිණ කියන්නෙ ඕෂන් පොලියුෂන් වලට ආපු සොලියුෂන් ප්‍රොජෙක්ට් ගත්තු ලංකාවෙ NGO එකක PROJECT MANAGER කෙනෙක්. 

අනික් එක්කෙනා සාවිත්‍රි ගුණතිලක. ස්ටැන්ලි ගුණතිලකගෙ වයිෆ්. වයස හතලිස් අටයි. ළමයි හතරයි. ස්ටැන්ලි ගුණතිලක කියන්නෙ මහ බැංකුවෙ වැඩ කරන ඔඩිටර් කෙනෙක්. "


ප්‍රධානියා ගේ දෑස් සිහින් විණි. 


"දෙකම බර අතු. හස්බන්ඩලගෙ පඩි කොහොමද වයිෆ්ලගෙ ජොබ් මොනවද ? 



"ස්ටැන්ලිගෙ මන්ත්ලි ඉන්කම් කෝටි තුනහමාරක්. දක්ෂිණගෙ කෝටි පහක්. "


සියල්ලන්ගේ ඇස් නළලට ගියේය. 

සුසුම් හෙලිනි.


"ඒ කියන්නෙ මේක අතාරින්න වෙන් නැති එකක්. "


එකෙක් කියනු ඇසිනි. 


"හා හා ඉතුරුව. "


නැවත කසුකුසු ව නැවතිනි. 


"දෙන්නම මැරිල තියෙන්නෙ අඩි අඩුම දහයක ඉඳන් දුරකින් එල්ල උනු රිදී කිණිසි දෙකක් ගෙල හරහ ගිහින් සුසුම්නාව ඩැමේජ් වෙලා. ඒ දෙන්නටත් විශ පොවපු කිණිසි පාරවල් දෙකක් තමා වැදිල තියෙන්නෙ. දෙන්නටම එකම වගෙ වෙලාවක තමා පහර වැදිල තියෙන්නෙ. කෝණ දෙක එකයි. වේදිකාව මැදම ඉඳල පහර දුන්න වගේ පේන්නෙ. "


නලල් තල සියල්ල රැලි වූයේය. 


නැවතත් තිරයේ බහු රූප ප්‍රක්ෂේපණය විණි. ස්වස්ථිකා ගේ lullaby of woe වාදනය වෙමින් පැවතිනි


"ඒක මහ හොල්මං සිංදුවක්. "


කවරෙකු හෝ පවසන විට ප්‍රධානියා හිස වැනුවේය.


"ඕක හොල්මං වයිබ් එකෙන් ගහපු එකක් තමා. "

සියල්ලෝ ඉතා සූක්ෂමව සී සී ටී වී දර්ශන සියල්ලක්ම  බලා සිටියහ. 


එහෙත් කිසිඳු සාක්ෂියක් නොවිණි. ස්වස්ථිකා හැරුණු කොට වෙනත් කිසිවෙකු ගේ සෙවණල්ලක් හෝ වේදිකාවේ නොවිණි. රිදී පැහැ කිණිස්සක සේයාවක් හෝ නොවිණි. 


"යකෝ මේක යකාගෙ මිනී මැරිල්ලකෙන්. මොකක්ද මෙතන උනේ. "


එක් අයෙක් විමසන විට අනෙකුන් ද සිටියේ උහතකෝටියකට මැදි වූවන් සේය. 


"A fallen angel  " 


කාමරයේ කෙළවරක සිට හඬක් ඇසිණි. 


🎶🎯


නවංජනා ගේ දියණිය සුව අතට හැරෙමින් සිටියාය. ඉඳ හිට ඇති වන්නාවූ ඇගේ අසමාන්‍යතාවය නිවැසියන්ට අරුමයක් නොවිණි. 


එහෙත් නවංජනා ගේ නවකම ආරක්ෂකයා නම් පෙර දින ඉතා කලබල වූ බව සියල්ලො දැන සිටියහ. ඔහු කෙතරම් කලබලයට පත් වූයේද යත් , නවංජනා ගේ කම්මුලක් තවම රත් පැහැ ගැන්වී තිබිණි. නවංජනා ට ඔහු ගැන ඇති ව්ඌයේ නොරිස්සුමකි. නුවී ට ඔහු ප්‍රේම කළද සිය දියණිය ව ඔහු මේ කීප දිනයේ ඔහුගේ වස්තුවක් ලෙස සිතා හැසිරෙයි. 

නවංජනා සිය පුපුරු ගසන අත්ල දෙස බැලුවාය. පෙර දින සිදු වූ ඒ සිදුවීම ඇයට සිනහවක් නැංවීය.


.. නුවී නොනවත්වා හඬමින්  සිටියාය. නවංජනා සිටියේ ඇයව සන්සුන් කරන්නට උත්සාහ කරමිනි. ඇයට දැනුනේ දුකකි. ඒ සමඟම මොහොතකට පෙර දුටු ඝාතනයන් නිසාවෙන් ද ඊට පසු සිදු වූ කට උත්තර දීම යොහාන් නිසා වැලකීම නිසාද ඈ සිටියේ කම්පනයෙනි. 


නුවී ගේ නොනවතින හැඬුම හමුවේ අශ්වින් සමඟ යොහාන් ද පැමිණ සිටියේය. අශ්වින් වාහනය ගෙන ඒම පිණිස පිටව යන විට යොහාන් නැවතී නුවීට දෑත් පෑවේය. නුවී ද ඔහු ට දැත පෑවේ ඇයව වඩා ගන්නට යැයි පවසන්නාක් මෙනි. එහෙත් නුවීට අසනීප අවස්ථාවක ඇගේ තත්වය නොදන්නා අයෙකුට ඇයව දීම නවංජනා ප්‍රතික්ෂේප කළාය. 

නුවීගේ විටින් විට වැඩි වන උෂ්ණත්වය ගැන නිවැරදිවම සංවෙව්දනය වන්නේ තමාට වග ඈ දැන ස්ඉටියාය.


"බේබිව දෙන්න මැඩම්. මම ට්‍රයි කරන්නම්. "


නවංජනා රවා බැලුවාය. ඒ පිරිමි හිත ගැස්සිණි. එහෙත් ඔහුද ආපසු රවා බැලුවේය. නවංජනා අත සිටි නුවී තවත් හඬින් හඬන්නට වන විට යොහාන් ආයාසයක් දරමින් නුවී තමා වෙතට ගන්නට වෑයම් කළේ ඇගේ හැඬුම් සිය පපුවේ රිදුමක් ඇති කළ හෙයිනි. 


එහෙත් ඈ ඉඩ නොදුන් නිසා ඒ රලු අතක් ඇගේ සිනිඳු කම්මුලක් මත පතිත වූයේ සැනකිනි. හිතුවක්කාර ගැහැනුන් ට යොහාන් කවදත් අකැමති විණි. 


මොහොතක් ගත විණි. නුවී නිහඬ වූයේ සිය කන අසල ඇසූ ශබ්දයෙනි.  කුඩා සුරංගනාවගේ උෂ්ණත්වය තවත් ඉහල යනු සංවේදනය වූ නවංජනා ගේ දෑස් රතු වූයේ කිසිවක් සිතා ගත නොහැකිව බලා සිටි යොහාන් මදක් පිටුපසට අඩිය තබන විටය.


ඒ සිනිඳු අත්ලක් ඔහුගේ යටි හනුව ට රිදුමක් ඇති කරමින් පතිත විණි. පිටි අත්ල ආපස්සට ඔහුගේ කම්මුලක් මත පතිත වන විට ඔහුගේ යටිබඩ දෙසට පහරක් එල්ල වූයේ අනපේක්ෂිත අන්දමිනි. 


- >ඊළඟ කොටසට 


() දැන් ඉතින් ඔන්න් කතාව පටන් අරන් තියෙන්නෙ. මේ ලැබෙන අදහස් වලට මම ආදරෙයී දෙයියනේ ! 🤍🥺


දැනට ගෙස් කරනේවා ලැබිල තියෙනව ගොඩාඅරියක් 🌝 අපි බලමු මොකක්ද වෙන්නෙ කියල. නේ. 

lullaby of woe ශෙයා කරන්නම් අහන්න. ඒක ලස්සනයි ගුප්තයි


ඔයාලා ගොඩක් කියපු එකක් හරි. යොහාන් තමා ඒ චරිත තුනම 🌝🤍🎯😎

එයා තමා මගෙ උනු උනුම රහස් පරීක්ෂක හාදය.


ඉතින් අද මොනවද හිතෙන්නෙ 


කියාගෙනම යන්න


ආදරෙයී හොඳේ 🤍


- මල්-

04

 



Mummy and mommies 


Episode 04 


Lullaby of Woe - ඛේදයේ නැළවිල්ල 


🎯🎶


යොහාන් පෝල් ජොන්සන් නවංජනා රාජතන්ත්‍රී ගේ විසල් නිවෙසේ ආලින්දය තුළ අසුන් ගෙන සිටියේය. හත පසුව මිනිත්තු 25 ක කාලයක් ගතව තිබෙන විට බොහෝ සේවකයින් සිටියේ  ආලින්දයට වී රූපවාහිනිය නරඹමිනි. 

මුල් කාලයේදී මේ විසල් නිවෙස පිළිබඳ , එහි හැසිරීම් සහ වෙනස් ආකාරයේ රීති පිළිබඳ විකාරරූපී හැඟීමක් වුවද දැන් දැන් ඔහු එයට සුපුරුදු ව සිටියේය. ඒ නිවසේ සියල්ලෝ සිටියේ සතුටිනි. කළ යුතු කාර්යයන් අවම වූයේය. ආරක්ෂාව හැර අනෙක් දේ පිළිබඳ වූයේ අවම සැලකිල්ලෙනි. 

නවංජනා සිය රාජකාරී වලදී අතිශය ම ප්‍රතිපත්ති සහගත වූවාය. දැඩි වූවාය. 

ළතැවුල් හැඟීම් නොපෙන්වන ඈ කෙරෙහි සියල්ලන්ට තිබුණේ ගෞරවයකි. එය ඇගේ බලය ධනය නිසා ඇති වූවක් නම් නොවෙයි. ඈ දක්ෂ නායිකාවක්, මෙහෙයවන්නියක් වූවාය. 

ගත වූ සතියක කාලය තුළ ඈ යොහාන් ද තම දේශන වලට සහභාගී වන බව නිරීක්ෂණය කළාය. නුවී ඔහුට වඩා ප්‍රිය වීම ගැන නොරිස්සුමක් පළ කළාය. එහෙත් නුවී ව ඔහුගෙන් ඈත් නොකළාය.


ඈ ගුප්තය. කිසිම හැඟීමක් නොපෙන්වන සුළුය. විටෙක, ගැහැනුන්ට එතරම්ම නිහඬ විය හැකි දෑයි ඔහුට සිතෙයි. ඈ හැඟීම් ද නොපෙන්වා ක්‍රියාවෙන් පමණක් බොහෝ දේ සිදු කරයි. 


එහෙත් ඈ තවමත් දිවයිනේ වඩාත් මිල අධිකම වෙළඳ අලෙවිකරණ නිර්මාණශිල්පිනියයි. පිළිගත් විශ්ව විද්‍යාල තුනකම ආරාධිත දේශකවරියක් වූ ඈ ප්‍රධාන පෙලේ හෝටල් ජාලයක ද අයිතිකාරියක් වීම ම යොහාන්ට විස්මයක් ගෙන දුනි.


යොහාන් පෝල් ජොන්සන් ස්වකීය රැකියාව පිළිබඳ ව ද සිටියේ අධික කුතුහලයෙනි.  ඔහු ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තේ හිරණ්‍යා මාර්ගයෙනි. 


සිය සොයුරියක් වූ හිරණ්‍යා පවා නවංජනා ට මෙතරම් සමීප ව හිතවත්වූ හේතුව ඔහු නොදැන සිටියේය. 


ඇගේ සමීපතමයන් ඈ ගැන කුමක් හෝ සඟවයි. එය ඇතැම් විට තමා විමර්ශනය කරන්නට ආ මහා පරිමාණ මත්ද්‍රව්‍ය වංචාව පිළිබඳව විය හැකියැයි ඔහු අනුමාන කළේය.  ඈ වැනි අතිශය කාරශූර තැනැත්තියකට නීතියේ ඇස් වසමින් ඕනෑම වංචාවක් කිරීමට බියක් ඇති නොවේයැයි ඔහු අනුමාන කළේය. ඇරත් ඈ අගමැතිගේ පුතුගේ පළමු බිරිඳයි. 

බලය ඇති තැන ඕනෑම දෙයක් කළ හැකි බැවින් එවැන්නක් මෙවැන්නියකට සුළු යැයි ඔහු විශ්වාස කළේය. එය වටහාගැනීමට සුදුසුම ක්‍රමය කුමක්දැයි ඔහු ඒ වන විටද තීරණය කොට සිටියේය.


ඔහුගේ කල්පනාව බිඳ හෙලුනේ ප්‍රධාන පරීක්ෂක අශ්වින් ගේ පැමිණීමෙනි. යොහාන්ගේ අසුන අසළින්ම අසුන් ගත් ඔහු යොහාන්ගේ කරට අතක් දමා ගත්තේය.


" මචං , ඉතිං ? "


යොහාන් සිනහවක් පළ කළේය.

ඒ හැඩි දැඩි මිනිසා නවංජනා අසළදී  පමණක් අතිශය යටහත්භාවයක් පෙන්නුම් කළ හැඩි දැඩි මිනිසෙකි. 


කුන්ග් ෆූ, ශෙවෝලින් , කරාතේ මෙන්ම මාෂල් ආර්ට්ස් ආරක්ෂක ක්‍රම වල ද පරතෙර ට ගිය මේ මිනිසා ට නවංජනා දැඩි ඇල්මක් දැක්වීම , ඔහු වෙත ඇගේ කළුනික සිනහව පෑම යොහාන් ව ඊර්ෂ්‍යාවට පත් කොට තිබිණි. 


" උඹ අද හවසත් මැඩම් එක්ක යමන් අර කොන්සට් එකට.  මතක තියා ගනින් මොනව කිව්වත් ලඟින් හෙල්ලෙන්නෙපා. අර ගැනියෙක්ව මරල දාල තිබ්බෙ. එදා වගේම පරිස්සමෙන් එක්කන් වරෙන්. බේබි ව එක්කන් යනවද නැද්ද තවම අපි දන්නෑ. "


යොහාන් ගේ ඇස් සිහින් වූයේය.


"අශ්වින් අයියෙ සිරාවටම මිනීමැරුමක් වෙලා තියෙද්දිත් මැඩම් ඇයි ඕකට යන්නෙ?"


අශ්වින් සුසුමක් හෙළුවේය. 


" ඒ මනුස්සය ආසාවෙන් යන්නෙ ඕකට විතරමයි "


🎯🎶


පොලිස් මූලස්ථානය කලබලයෙන් පිරුණු තැනක් වූයේ මීට සතියකට පමණ පෙරය. 

යොහාන් නොමැතිව එහි වැඩ ඇනහිට තිබිණි. 

අගමැති ගේ වුවමනාවට මිනිසෙකු අත් අඩංගුවට ගත් අතර, එය අගමැති පවුල මානසිකව වැට්ටවීමට ගත් උත්සාහයක් ලෙස මාධ්‍යයට එම පුද්ගලයාම පාපොච්චාරණය කර තිබිණි. 

සියල්ලෝ දැන සිටි සත්‍යය  වසන් කරගෙන සිටි මුත් , සත්‍ය අපරාධකරු සෙවීමට රහසිගත මෙහෙයුම් දියත් වූයේ රහස් පොලීසි සාමාජිකයින්ගේ මැදිහත්වීමෙනි. ව්‍යාපාරික වාසුලදත්ත එයට හේතුව විණි. ලඟ ලඟම පැවති චන්ද උණුසුම නිසාවෙන් වාත්සල්‍යා සතියක් පුරා අගමැති විරුද්ධ පාර්ෂවයන්ගෙන් කිනිසි පහරවල් ලද්දේ  මාධ්‍ය වලය. 


වාත්සල්‍යා ගේ සිඟිති දරුවන් දෙදෙනාම අගමැති බිරිඳ බලාගත්තාය.  සිය පුතුගේ සහ සැමියාගේ පව් දරුවන්ගේ කර මතින්  නොයා යුතු බැවින් ඈ රටින් පිටව ගියාය. 


එය ද ප්‍රශ්නයක් වූ කල, දරුවන් දෙදෙනාගේ මානසික සෞඛ්‍ය ගැටලුවක් නිසාවෙන් එය සිදු වූ බව සීයා වශයෙන් අගමැති දැනුම් දුන් අතරම සිය පුතු දේශප්‍රිය ශෙවෝන්  මීළඟ මහා මැතිවරණයට ඉදිරිපත් කරනා වග ද ඔහු ස්ථීර කර තිබිණි. 


🎯🎶


ස්වස්ථිකා මෙවර හැඳ සිටියේ තද කලු පැහැ අඳුමකි. කළු පැහැය ඈ අතිශය අප්‍රිය වර්ණයකි. 

එහෙත් ලංකාවේ පළමු ප්‍රසංගයේදීම  සිදු වූ ලේ වැගිරීමට දුක පල කරනු පිණිස ඈ එසේ කල යුතුයැයි තීරණය කර තිබිණි. 


ශ්වාත් සහ ශ්වේත්  ගේ වාදනයන් අතිශය ප්‍රියතාවයකින් රස විඳිමින් ප්‍රේක්ෂකයන් සිටියේ කුල්මත් වෙමිනි. 

සුප්‍රසිද්ද මැදිරි සංකීර්ණය කහ ආලෝකයෙන්  වර්ණ ගැන්වී තිබිණි.  සියලු ආසන පිරී පැවතිනි. නවංජනා සිටියේ ඉදිරිපස ප්‍රභූ පැලැන්තියේ අසුනක යාබද යොහාන් පෝල් ජොන්සන් නම් සිය පෞද්ගලික ආරක්ෂකයා සමඟය. අශ්වින් ගේ දැඩි තීරණය මත ඇයට සහ යොහාන් ට සමසුන් දැරීමට සිදු වූයේ  ඇගේ ආරක්ෂාව පිණිසය. 


ප්‍රථමයෙන් “Rockabye” නම්  Anne-Marie හා Sean Paul  ගේ සුප්‍රසිද්ධ ගීතයේ නවීකරණයක් වාදනය කළ ශ්වේත් ශ්වාත්ගේ හඬින් එය වර්ණගන්වන්නට ඉඩ හැරියේය. 

ඉන්පසු විවිධ සංස්කෘතීන්ගේ  සංගීත සංකලනයන් වාදනය වූ අතර ඒ සියල්ලම  නවමු අත්දැකීම් වූයෙන්  දේශීය ප්‍රේක්ෂකයන් උන්නේ උන්මාදයෙනි.


අනතුරුව එළඹුණේ ස්වස්ථිකා ගේ  අවස්ථාවයි.


අනතුරුව එළඹුණේ ස්වස්ථිකා ගේ  අවස්ථාවයි. 


ඈ වේදිකාවට පැමිණියේ චකිතයකිනි. ඉන්පසු පසුබිම් වාදනය ශ්වාත් විසින් සපයන විට ඈ ගායනයේ යෙදුනේ සුඋප්‍රසිද්ධ  Lullaby of woe නම් ඉංග්‍රීසි ගීතයයි.


ප්‍රේක්ෂකයන්ට දැනුනේ  ඔවුන් මායාවක් තුළ ගිලෙනවාක් වැනි හැඟීමකි. ස්වස්ථිකා ගේ හඬ සැමවිටම  හැඟීම් දනවන්නක් වූයේය. එය අභිරහස්මය ස්වරූපයකින් යුක්තය. 


ලනා ඩෙල් රේ නම් ගායිකාවගේ හඬට ඇගේ හඬ සමාන යැයි මීට පෙර වාර්තා වී තිබුණද යොහාන් එය ප්‍රථමයෙන් අත්දැක්කේ ඒ මොහොතේය. ඔහුට දැනුනේ මායාවකට වශී වූවාක් වැනි  හැඟීමකි. 


Wolves asleep amidst the trees

Bats all swaying in the breeze

But one soul lies anxious, wide awake

Fearing all manner of ghouls, hags and wraiths


For your dolly polly sleep has flown

Don't dare let her tremble alone

For the Witcher

Heartless cold

Paid in coin of gold

He comes, he'll go, leave naught behind

But heartache and woe

Deep, deep woe


Birds are silent for the night

Cows turned in as daylight dies

But one soul lies anxious wide awake

Fearing all manner of ghouls, hags and wraiths


My dear dolly polly shut your eyes

Lie still, lie silent utter no cries

As the Witcher

Brave and bold

Paid in coin of gold

He'll chop and slice you

Gut and dice you

Eat you up whole

Eat you whole


වචනයේ පරිසමාප්තයෙන්ම එය අඳුරු හා මූසල හැඟීමක් ඇති කරන විට , ස්වස්ථිකා ඒ සියළු හැඟීම් එක් වර මකා දමමින්  සිය ගිම්බාර්ඩය අතට ගත්තාය. එහි නූල කරකවා ඇද සිය වාදනය ඇරඹුවාය.


එහි ද වූයේ ගුප්ත භාවයකි.  නවංජනා ඒ ගුප්ත භාවයට ආශක්තව බලා සිටියදී යොහාන් වූයේ තරමක් නොසන්සුන් හැඟීමකින් පීඩා විඳිමිනි. 


"මාව පාවෙනව වගේ දැනෙන්නෙ"


පසෙක සිටි කාන්තාවක්  එසේ පවසන විට යොහාන්ගේ තොල් නොපිට පෙරළුනේය. 

වාදනය ඉතාම උත්කර්ෂවත් ලෙස ගලා යන විට එක් වරම යොහාන්ගේ පිටුපස අසුනෙන් විලාපයක් ඇසිණි. 


ඒ දෙවැනි පේලියයි.


ඔහු පසුපස හැරී බලන විට දුටු දසුන නිසාවෙන් ඔහු නවංජනාගේ අත තදින් අල්ලා ගත්තේය. 


ගැහැනියකගේ ගෙල රිදී කිණිස්සකින් සිදුරුව තිබිණි. ඈ මොහොතක් දඟලා නිසල වූවාය.

සංගීතය තවම නොනැවතී පැවතිනි


ස්වස්ථිකා කිසිවක් නොදැක්කා ය.මන්දයත් ඈ ගිම්බාර්ඩය ට සමවැදී සිටි බැවිණි..


යොහාන්ගල් ගැසී මෙන් හුන්  නවංජනා ව ඇදගෙන පළමු පෙල මැද කෙලවරට පිය නැගුවේ ආරක්ෂක පළිහක් මෙන් ක්‍රියාත්මක වෙමිනි. 


එවිටම  අනෙක් පස දෙවැනි පේලියෙන් තවත් විලාපයක් ඇසුණේය. 


නවංජනා යොහාන් ගේ දෑතේ එල්ලුනේ තවත් කාන්තාවකගේ අවසන් සුසුම වාතයට මුදා හැරෙද්දී ය. 


- > ඊළඟ කොටසට 


- මල්- 


😐


ගෙස් කරන එක නවත්තන්නෙපා හොඳේ 🙃🎯🤍


සමහර වෙලාවට උත්තර තියෙන්නෙම  ඔයා ලඟම වෙන්නත් පුලුවන්. 


ඇල්බම් එක ශෙයා කලෑකි දැන්

😍💕


ස්තූතියී කියවනවට


ආදරෙයී හොඳේ 🍃

03

 


Mummy and Mommies 


Episode 03 


The unknown story - නොදන්නා කතාව 


🎯🎶

නවංජනා සිය පැරණි මිතුරියගේ නිසල දේහය දෙස බලා සිටියාය. ඈ සිටියේ කම්පනයෙනි. නුවී සුව නින්දක පසු විණි. 

ඈ සමඟ හිරණ්‍යා සිටි බැවින්  යොහාන් කොහේ හෝ ගොස් තිබිණි. නවංජනා ගේ හිසට බර ස්පර්ෂයක් දැනිනි. 

ඒ වියපත් මිනිසා, සාරද වාසුදත්ත ය. නවංජනා මෙන්ම වාත්සල්‍යා බලාගත් ඒ මහා රුක්ෂය ය. 

නවංජනා ගේ හැඟීම් විරහිත දෑසින් කඳුලක් ගලා හැලිනි. 

වාත්සල්‍යා තොරාගත්තේ ලොව තෝරාගන්නට නුසුදුසුම මිනිසා ය. ඒ බව සාරද මෙන්ම නවංජනා ද දැන සිටියහ. එහෙත් ඈ ඒ මාර්ගයේම ගියාය. අත්දැකීමෙන් නවංජනා විඳවූ විඳවිල්ල තමන්ද විඳවන්නට තීරණය කළාය. ශෙවෝන් ගේ තාඩන පීඩන ගැන නවංජනා දැන සිටියාය. තවමත් ඒ අඳුරු කාල පරාසයේ සෙවණල්ලක් ඇයව බිය වද්දයි.  


සාරද වාසුලදත්ත ගැඹුරු සුසුමක් පිට කළේය. 


"එයා ව අරං ගියා නවී. බිල්ලො අරං ගියා. "


එපමණක් කී ඔහු පිටව ගියාය.

වාත්සල්‍යා ගේ කුඩා දරුවෝ දෙදෙනා අගමැති බිරියගේ තුරුල්ලේ සිටියහ. "ආච්චා කුක්කු " කියමින්  හංඩන්නට ගත් ළදැරිය තුරු ලු කර සිපගනිමින්  මනෝරී ගමගේ මහත්මිය (අගමැති බිරිය) සිටියේ කඳුළු වගුරමිනි. 


නවංජනා ට මෙන්ම ඈ වාත්සල්‍යාට ද ප්‍රේම කළාය. 

ඇගේ ලෝකය තුළ සිටි යක්ෂයන් වනාහී සිය සැමියා සහ පුතුය. ඒ හැරුණු කොට පුතුගේ පළමු බිරිඳ නවංජනා ද දෙවැනි බිරිඳ වාත්සල්‍යා ද ඇයට සුරඟනන් විය. 

වාත්සල්‍යා කිරිගරුඬ පිළිමයක් තරම් පැහැපත් ය. නවංජනා රන් පැහැතිය. නවංජනා සිය පුතු හැර යෑම ගැන ඈ සොම්නස පල කලේ මීට වසර ගණනකට පෙරය. ඒ වන විටත් වාත්සල්‍යා සිය මිතුරියගේ සැමියා වෙතින්  ගර්හණී ව ඇති වග දැනගත් පසු ඈ කම්පා වූවාය.

වාත්සල්‍යා නවංජනා මෙන් මොළයෙන් තීරණ ගන්නියක් නොවූවාය. ඈ හදවත නිසා විනාශ වූවාය. අවසන ඇගේ හදවත පසාරු කරගෙන විෂ කිණිස්සක් ගමන් කරනා තුරුම ඈ හදවතට ඉඩ දුන්නාය. සිය හදින් ම ශෙවෝන් ට ප්‍රේම කළාය. එය අද ඊයේක පටන් ගත්තක් නොවේ. නවංජනා ට විවාහ යෝජනාව එන විට ද , ඈ ඔහුව හැර යන විට ද , වාත්සල්‍යා ශෙවෝන් ට ප්‍රේම කළාය. අනතුරුව ඔහුට නතු වූවාය. 

නවංජනා පරසක්වල ගසමින් එසේ නොකරන්නැයි ඉල්ලූ විටද, දරුවා සමග බලාගන්නම් යැයි භාරගත් විටද ඈ එය ප්‍රතික්ෂේප කොට ශෙවෝන් පිළි ගත්තාය. 


නවංජනා තවමත් ඈ වෙනුවෙන් සිය ආත්මය දිය කර හරින බව තේරුම් ගන්නට නොහැකි තරම් ම අන්ධව සිටියාය. අවසන, තවත් ජීවියෙක් සමඟම නොකියාම පිටව ගියාය.


නිසල ඈ මදක් නිල් පැහැතිය. ඒ මරණ පරීක්ෂණයේදි පැවසූ විෂ ශරීරගත වීම නිසා විය හැකිය.

ඈ අසලම බොහෝ කලකට පසු බිමත් නොවන ඇස් වලින් කම්පනයෙන් ශෙවෝන් බලා සිටියි. ඒ දෑස් වල සිදු වූයේ කුමක්දැයි අදහා ගත නොහැකි බැල්මක් රැඳී තිබිණි. 

සිය බිරිඳ මිය යන විට ගැබිණියක් යැයි කීම ඔහු ඇසූ බැවින් ඔහු සැබැවින්ම කම්පා වූ බව අසන්නට ලැබිණි. නවංජනා ගේ සිත මදක් කහටක් දැනිනි. 

ඈ නුවී ගේ මුහුණ බැලුවාය. ඒවායේ ශෙවෝන්ගේ සේයාවක් හෝ නොවෙයි. 


තමාට සිදු වූ දේ වාත්සල්‍යා ට සිදු වීමට ඉඩ නොදීම ගැන ඈ සිය දහස් වරක් තමාටම ප්‍රශංසා කරවත්තාය. ගැහැනියක් එවැනි දේ විඳිය යුතු නැත. දැන් ඉඳින් තවත් ඈ ඒ කැප කිරීමද කළ යුතු නොවේ . ඈ සුසුමක් හෙලුවාය. 


ශෙවෝන්ගේ එක දෑස් බැල්මක් නවංජනා වෙතට යොමුවිණි. ඔහුගේ ඇස් දැල්විනි. ඔහු ඒ රන්වන් ගැහැනු රුවට අතිශය ආශා කළේය. ඈ වාත්සල්‍යා තරම් සිනිඳු නැත. එහෙත් ඈ අතිශය මනරම් යැයි ඔහු සිතුවේය. වාත්සල්‍යා ට ඈ අතිශ ය ප්‍රේම කළ වග ඔහු දැන සිටියේය. 


සියල්ලම සිදු වූයේ එබැවිනි. !


" නවී හ් "


නවංජනා ගැස්සී ගියාය. හඬ ඇසුණේ අසළිනි. හිරණයා බාධකයක් විලස දෙදෙනා අතරමැද සිටගත්තාය. 


" Away, Mr. Shevon "


හිරණ්‍යා ගේ තර්ජනාත්මක හඬට ඔහු මදක් සැලුනේය. මළ ගෙදරක් තුළ ගැහැනියකගෙන් පහර ලද යුතු නැත. 


"ම්හ්. ලබන සතියෙ ගෙදර එන්න නවීහ්. අපි හොඳින් ඉමු "


🎯🎶


උදෑසන කෙටි නිවාඩුවක් ගත් ඔහු, සිය දේශන සඳහා සහභාගී වූයේය. එහෙත් ඔහුගේ සිත කලබල ව තිබිණි.


"දැන් උඹල කියන්නෙ මැඩම් මුතු ආරච්චි නෑ කියලද? "


ඔහු විමසුවේ උනන්දුවකිනි. මිතුරු නඩයේ  එකෙකුට සිනහ නැගිණි. සිය මිතුරා සහ ආචාර්‍යවරිය ගැන ඔහු දැන සිටියේය. 


"උඹ පහු ගිය ටිකේ ආවෙ නෑනෙ. මුතූ හෙනට අවුලෙන් හිටියෙ. ලීවින් කිස් එක දෙන්න බැරි උනා කියල දුක් වෙන්න ඇති. "


ඔහුගේ අත් මිටි මෙලවිනි. .

" මැසේජ් එකක් වත් තියන්න තිබ්බනෙ "


ඒ හඬ පරාජිතය. ..

" ආ ආ... මේ මේ උඹ හිතුවද කොටු පැන්නයි කියල උඹට මැසේජ් කොටන්න තරං ගෑනිට පිස්සු කියල. උඹ දැන් කියන්නෙපා මම මුතූට සිරා කලා කියල නං. ෂුගර් මමී  ල ව ඔලුවෙ දාගෙන ලතවෙන්න නං හදන්නෙපා. "


එකෙකු පැවසුවේ ඔහුගේ හිසට පහරක් ගසමිනි. 


"ගිය දවසෙම නිවාඩු දුන්නෑ බං. අශ්වින් කියල ඩයල් එකක් ඉන්නෙ ලොක්කා. මිනිහ එක්ක බෑ. ඔක්කොම ශෙඩූල් කලේ අමුතු විදියකට." 


ඔහු ට සිය රැකියාව ගැන ද තිබුණේ තරහකි. 


ඔහු සුසුමක් හෙළුවේය. මීළඟ දේශන වාරය ට දේශන ශාලාවට ගියේය. තව මිනිත්තු පහක් ඉතිරිව තිබියදී කසුකුසුව නැවතිනි. 


ඔහුගේ දෑස් විසල් ව ගියාය. 


ඒ අර රන්වන් දෑස් වල හිමිකාරිය ය. නවංජනා රාජතන්ත්‍රී මුලසුනේ සිටියාය. 


" Evening Everybody 

Navanjana Rajathanthree Is here. Hope you would help. We have to finish all the lessons by next month. So lets strat. Any question? 


සන්ද්‍යාවක් හැමෝටම. මම නවංජනා රාජතන්ත්‍රී. ඔයාල උදව් කරාවි කියල හිතනව  ලබන මාසෙ වෙනකොට  අපිට පාඩම් ඔක්කොම ඉවර කරන්න වෙනව.  ඒ හිංද අපි පටන් ගමු . මොනව හරි ප්‍රශ්න තියෙනවද ? "

ඈ විමසුවාය. කටකාර සිසුවකු සිට ගත්තේය. 


" මැඩම් ගෙ වයස කීයද? "


නවංජනා සිනහ වූවාය. එය ඔහු මීට පෙර දැක නැත. 


"අට වෙනි මර්සෙන් ප්‍රයිම් එක"


සිනහවෙන්ම ඈ පිලිතුරු  දුන්නාය. 

ව්‍යාපාර අලෙවිකරන සිසුන් දන්නා මර්සෙන් ප්‍රථමකයක් නැති වග ඈ නොදන්නා සෙයකි. 


අර තරුණයාගේ මුව ඇද විනි. 

 ඒ දුටු ඔහුට සිනහවක් නැගිනි. ඒ රන්වන් පැහැ ඇත්තිය හුරුබුහුටි වග ඔහුට හැඟිනි. එහෙත් විටෙක ඈ අතිශය රළු ය. 


මීළඟට නැගිට්ටේ තරුණියකි ඈ ජානමාධ්‍යවේදිනියක් ලෙස ක්‍රියාකරන වග දැන සිටි සියල්ලෝ නිහඬ වූයේ කුමක් හෝ නාටකයක් ක්‍රියාත්මක වන්නට යන්නා බව දැනීමෙනි. 


"මැඩම්‍, වාත්සල්‍යා ගමගේ ගෙ මරණය ගැන දැනෙන්නෙ මොනවද? "


ඈ විමසිල්ලෙන් බැලුවාය. සන්සුන් ව පිළිතුරු දුන්නාය. 


"දුකයි. "


එපමණකින් යුවතිය නොසෑහුණ සෙයකි.


"මැඩම් ආයෙම ශෙවෝන් ගමගේ එහෙම නැත්තං මැඩම්ගෙ එක්ස් හස්බන් ගාවට ගිහින් සමාදාන වෙනව කියන්නෙ ඇත්තද? ,"


ඔහු එයට සවන් දුන්නේය. ඒ ඔහු නොදන්නා  මානයකි. සිය ස්වාමිදුව ගැන මීට වඩා දෙයක් දැනගත යුතු  බව ඔහුගේ සිත කීවේය. 


"බොරු "


පිළිතුර කෙටිය. රළු ය. තවමත් ඈ පෙර සිනහව රඳවාගෙන සිටීම ගැන ඔහු පුදුම වූයේය. ඔහුට අර තරුණිය ගැන දැනුනේ  තරහවකි. ඇය ට තවමත්  නාටකයක් ගොඩ නගන්නට නොහැකි වූ සෙයකි. 


" ඒකට හේතුව මැඩම් ගෙ ළමයද? ආරංචි විදියටයි පේන විදියටයි ඒ ශෙවෝන් ගෙ නොවෙන දරුවෙක් නිසාද? "


මුලු දේශන ශාලාවම වූයේ නිහඬවය. සියල්ලන්ගේ දෑස් විසල් ව තිබිණි. අර කී තරුණිය නෙත්මි කුෂල්‍යා , ඈ පැවසූයේ සදාචාරාත්මක දෙයක්  නොවේ. 


ඔහු මදින් මද නොසන්සුන් වෙන්නට පටන් ගත්තේය.  තමා ඇගේ පෞද්ගලික ආරක්ෂකයාය. 


" නෑ. හේතුව ළමය නෙවේ. "


තව දුරටත් ඈ සන්සුන් ය  . ඒ ගැන සියුම් සතුටක් මෙන්ම පුදුමයක් ඔහුට දැනුනි. 


" එතකොට මැඩම් තාත්ත කෙනෙක් දන්නැති ළමයෙක් හදන එක අමාරුයි කියල හැමෝම දන්නව ඒ උනාට මැඩම් ගෙ කලින් හස්බන්ඩ් ප්‍රසිද්ධ කෙනෙක් වෙලත් මැඩම් අමාරුවකින් තොරව ඉන්නෙ කොහොමද? මැඩම් ආයෙ බැන්ද ද? "


ආයාසය ඇයව අවුස්සා ගැනීමය. සිසුහු ඒ ජනමාධ්‍ය වෙව්දිනිය දෙස හෙලුවෙව් සුපහන් බැල්මක් නොවේ. එහෙත් අතරින් පතරින්  ඕපාදූප සොයන්නන් නොවුනාම නොවේ. 


"ආන්න ඔයා ආවා දරුවෝ පොයින්ට් එකට. හේතුව මාකටින්. ඔයාලා ඔය ඔක්කොම දන්නෙ නැතුව හෙව්වට අදාල දේ හොයල නෑනෙ. මම ලංකාවෙ එක්ස්පෙන්සිව් ම මාකටින් ඩිසයිනර්. ඉතින් ඒ නිසයි මම මෙහෙම හොඳින් ඉන්නෙ. ඉතින් මට නෙත්මි කුෂළ්‍යා ට වගේ අනිත් අයගෙ ගොසිප් විකුණන්න ඕනෙ නෑ ජීවත් වෙන්න . මම මාකට් කරන්නෙ මගේ අයිඩියාස්. "


නෙත්මි කුෂල්‍යා ගේ මුව ඇද විනි. 


ඈ  වටපිටින් නැගෙනා විසිලු හඬවල්  නිසාවෙන්ම වාඩිවූවාය. 


ඔහුගේ මුහුණේ සිනහවක් මතු වූයේය. 


🎶🎯


ස්වස්ථිකා ගේ සිහිය එළඹ තිබුණේය. ඈ සැනින් සෙව්වේ සාරන්‍ය ය. 


ඈ කලබල කරන විට සාරන්‍ය සැනෙකින් ඈ වෙත ආවේ සුදු පැහැ ඕකිඩ් පොකුරක් සමගිනි. 

ඔහුගේ පැමිණීම සමඟ ස්වස්ථිකා සන්සුන් වූයේ ශ්වේත් සහ ශ්වාත් සැනසුම් සුසුම් හෙලන විට ය. 

ස්වස්ථිකා ගේ දුඹුරු දෑස් වල කඳුලක් කොපුල් සිප ගන්නා විට සාරන්‍ය ඇයව තදින් වැලඳ ගත්තේය.


"වැටෙන්න කලින් ඔයා පේන්න උන්නෙ නෑ මම ගාව. එතකොට මම බය උනා මල්ලි "

ඈ හැඬුම් ස්වරයෙන් කියනා විට සාරන්‍ය ඇගේ කොපුලක් මත දෙතොල් තද කළේය. 


"මම හැම තිස්සෙම ඔයා ගාවමයි ඉන්නෙ අක්කී "


- >ඊළඟ කොටසට 


- ,මල්- 


ආසාවෙන්ම ලියන කතාවක් උනු මේකට අදහසක් තියල යන්න කාරුණික උනාට ඔයාට ස්ස්තූතියී  🥺💕


ඉතින් .. 

දැන් මොනවද හිතෙන්නෙ .. 

මොනව වෙයිද ? 

කොතනින් ඉවර වෙයිද ??

ගෙස් කරන්න දිගටම .ම්

02

 





Mummy and mommies 


episode 2 


- the detective - රහස් පරික්ෂකයා - 


🎶🎯


ආශාධරී වාත්සල්‍යා ගමගේ , ඈ සුරූපී තරුණියකි.  මිය යන මොහොත වන විට ඈ වසර පහක් වියැති පුතු හා වසර දෙකක් වියැති දියණියකගේ මව ක් වූ අතර ම , මරණ පරීක්ෂණයේදී හෙලි වූයේ ඈ ඒ වන විට එක්මස් ගැබිණියක් වූ බවයි. වාත්සල්‍යා අවිහිංසක කමේ ප්‍රතිමූර්තියක් වූවාය. සිය සල්ලාල සැමියා දේවප්‍රිය ශෙවෝන් ගමගේ , - නූතන අගමැතිගේ පුත්‍රයා - කුමක් කලද ඉවසා දරාගෙන සිටියාය. ඇගේ මව චතුරි දක්ෂිණා කුමාරතුංග එකල සුප්‍රසිද්ධ සිනමා තරුවකි. පියා සාරද වාසුදත්ත  ලංකාවේ ප්‍රමුඛතම සාගර ජීවී නිෂ්පාදනකරුවෙකි. 


කැළඹී තිබූ මහජනයා සන්සුන් කිරීමට අගැමැති ට අවැසි වූයේ නැත. වාත්සල්‍යා මිය ගිය දිනට පසු දින මෙය "ජාති වාදී කුමන්ත්‍රණයක් යැ" යි ප්‍රකාශ කළ ඔහු සිය පුත්‍රයාට සතියකට පෙර එල්ල ව තිබූ බාලාපචාර චෝදනාව ද ඒ ගොනුවටම දමා , වාත්සල්‍යාගේ සිරුර නිවසට ගෙන ගියේය. 


නවංජනා රාජතන්ත්‍රී තරමක කම්පනයෙන් සිය පැරණි මිතුරිය ගේ දේහය නිසලව තැන්පත්  කර ඇති අයුරු රූපවාහිනියෙන් නැරඹුවාය. 

ඒ අතීතය සිහිපත් කළාය. 

ඉඳින් ඒ මිතුරිය සදහටම යන්නට ගොසිනි

 

"මාම්ම්මාම්මා"

සුරතල් සිඟිති හඬක් ඇසේ. නුවී තනිව සිනා සෙන්නේ නවංජනා අසුන් ගෙන සිටි සෝෆාවේ පසෙකින් ඇති පතොක් මල් පැළය සමඟය. 


ඒ සමඟම එක් වරම ඒ තාලය වෙනස් වූයේය. ඒ පතොක් පැළය සමඟ කතා කරනා තාලය නොවේ. 


"ව්ව්වාඅව්වා "


එය අලුත් වචනයකි. එසේ නම් අලුත් ජීවියෙක් විය යුතුය. නවංජනා හැරුණාය.

අර පෙර දින හදේ මයෝකාඩියමේ කොටසකට දැනුනු දෙදිරීම නැවත ඇරඹිණි.   ඈ සිය සැලීම සඟවා ගත්තාය. සිය දියණියගේ ජීවිතයට අලුතින් එන්නට තනන ඒ ජීවියා දෙස දැඩි බැල්මක් හෙලුවාය. 


"මැඩම් 2.00 ට මිසිස් වාත්සල්‍යා ගමගේ ගෙ ෆියුනරල් එකට යන්න ශෙඩූල් කලා කියල මැනේජර් හිරණ්‍යා කිව්ව. "

ඔහු මෙතරම් කලෙකට කී දිගම වාක්‍ය එය ය. 


නවංජනා ඒ රළු දෙතොල් දෙස බලා සිටියාය  ඒවා කළු පැහැ ගැන්වී ඇත. ඔහු දුම් පානය කරන්නෙක් විය හැක. ඇතැම් විට පෙර දින රාත්‍රියේ  තමා මෙහි හැරලවා ඔහු ගියේ දුම් බොන්නට විය හැක. 


"සිගරට් බොන එක අද ඉඳං නවත්තන්න ඕනෙ. නුවීට හොඳ නෑ. ඊයෙ ගිය එකේම යං. කළු අඳින්න. හිරූ ආවම කතා කරන්න කියන්න." 


එපමණක් කී ඈ නූවී ද රැගෙන පිටව ගියේ යොහාන් ගේ දෑස් නළලට යන්නට සලස්වමිනි. නුවී අසතුටු හඬක් නැගුවාය. එහෙත් නවංජනා එය නොසලකා හරිමින් සිය කාර්යාලීය කාමරය වෙතම ගියාය. 


යොහාන් තොලක් සපාගත්තේය. 

නවංජනා රාජතන්ත්‍රී , ඈ ඇතැම් විට තමන් ට වඩා වසර පහක් වැඩිමල් විය හැක. වයසට සාපේක්ෂව සහ ඈ දරන වගකීම් වලට සාපේක්ෂව ඇගේ පෙනුම කුඩා විණි.කුඩා නුවී ගේ මව කියා කිවිය නොහැකි තරමට ඈ තරුණ පෙනුමැති වූවාය.  එහෙත් ඒ ඇස් වල යම් පරිණත තියුණු බැල්මක් ඇති වග ඔහු නිරීක්ෂණය කළේය. එහි යම් හෙම්බත් වීමක් , කලකිරීමක්, යට ගියාවූ දිස්නයක් ඔහු දුටුවේය.

ඉඳින් ඒ යොහාන් පෝල් ජොන්සන් ගේ තිව්‍ර ඇස් ය. 


ඈ දිවයිනේ ප්‍රමුඛතම සන්නාම  නිර්මාණකරණයේ යෙදෙන්නියකි. අතිශය ඉල්ලුමක් ඇති කාර්‍යබහුල දැඩි සිත් ඇත්තියකි. 

ඇගේ සැමියා ගැන යොහාන් දැන නොසිටියාය.  


ගැහැනියක් බබලන්නේ නම් ඇගේ රෙද්දේ තුත්තිරි බලන ප්‍රමාණය අවම ය. 


මන්දයත් ඈ සතුව එක් අසාමාන්‍ය ආකර්ෂණීය බලයක් විණි. 


යොහාන් හිරන්‍යා ට ඇමතුමක් ගත්තාය.


"අක්කා "


එහා පසින් පිලිතුරු ලැබිණි


" ඕ යොහා නවී ට ඔයා කිව්වද මම මේ එන ගමන්. අශ්වින් ට කියන්න සෙට් එක රෙඩි කරගන්න කියල. "


හිරන්‍යා කියවමින් සිටී. ඇගේ හඬේ යම් බෙලෙක් ස්වභාවයක් වෙයි. ඒ හඬ අසන්නට අපහසුය. 


" මොනාටදෝයි සෙට් එකක්. මම මදිද ? "


යොහාන් සැබැවින්ම සිටියේ විස්මයෙනි.


"හු_ක් කරන්නැතුව කියන එක කරපං පොඩි එකෝ."


සුපුරුදු පරුෂ වචනයෙන් බැන වැදුනු හිරණ්‍යා ඇමතුම විසන්ධි කරන විට යොහාන් ගේ නහර ඉලිප්පුණේය.

හිරණ්‍යා ගේ ස්වරූපය එය ය. ඇගේ වචන භාවිතය අශීලාචාරය. එහෙත් ඈ විශේෂවේදී උපාධියක් පවා හිමි සර්වාංග වෛද්‍යවරියකි. 


නවංජනා ගේ කළමණාකාරිණිය වීමට හේතුවක් නොදැන සිටි යොහාන් එතැනින් පිට වූයේය.


🎶🎯


 ස්වස්ථිකා සිහිය ලබන තුරු ඇගේ සයනය අසල බලා සිටියේ සොයුරන් තිදෙනා - අප්‍රකාශිත අඩ සොයුරා ද ඇතුළුව - පමණක් නොවේ. 


ඉන් එපිටින් පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකුද බලා සිටියේ ඇගෙන් කට උත්තරයක් ලබා ගනු පිණිස ය. මන්දයත් සිද්ධිය සම්පූර්ණයෙන් දුටු අයෙක් වී නම් ඒ ස්වස්ථිකා ම පමණකි. 


🎯🎶


මියගිය තැනැත්තියගේ හදවත පසාරු කොට තිබුණේ රුදියෙන් කළ කිණිස්සකි. එහි යම් විසක් කවා තිබූ බව ද ඈ එයින් ඇති වූ ආසාත්මිකතාවයෙන් මිය ගිය  වගද මරණ පරීක්ෂණ වාර්තාවේ දැක්විණි.


සිදුවීමේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා , තරුණ ඕෂල ගිම්හාන සිය මේසය මත අතුරාගෙන සිටියේ සී සී ටී වී රූපරාමු ය. සිය මිතුරා වූ සිදුවීම භාර ප්‍රධාන නිලධාරියාට උදව් කිරීම ඔහුගේ මූලික අරමුණ ව තිබිණි. 


"මචං ඒක සුපර් ශොට් එකක්. මීට කලින් මම නං ඔහොම එකක් දැකල නෑ. මේ විස සෑහෙන වේදනාවක් දෙන එකක් වගේ. අපි ලැබ් එකට දැම්ම ඒක. උඹ කියන්නෙ මේක කොහොම උනා කියලද? කිණිස්ස එන පැත්ත හොයාගන්න බෑ. ඒක නිකං හොලමනක් ගැහුව වගේනෙ ඕයි. "


ඕෂලගේ  මුහුණ ඇද වී ඇත. 

තරුණ නිලධාරියාගේ මුවට සිනහවක් නැගිණි.


"කෙලිම්ම හොයාගන්න පුළුවන් නං අපිට දෙන්නෙ නෑ නෙ බං. ඔන්න ඕක අතෑරපං. මේ ටිකේ මම ඉන්වෝල් වෙලා ඉන්න එක ඊට වඩා මරු. "

 ඕෂල සිය මිතුරා දෙස බැලුවේය. ඔහු සැබැවින්ම දක්ෂ රහස් පරීක්ෂකයෙකි. කඩවසම් තරුණයෙකි. වර්තමානය වන විට ඔහු බාහිර තවත් චරිත ද්විත්වයකට පණ පොවමින් සිටී

 

මේ සියල්ල රහස් පරීක්ෂකයන්ගේ රහස් ය. 


"හෙට කැම්පස් යනවද? "

ඕෂල විමසුවේ මොහොතකට පෙර  වාත්සල්‍යා ගේ මරණ යට හේතු වූ විෂ ගැන කල පරීක්ෂණ වාර්තාව ගෙන  දුන් සේවකයා  පිටතට යැවීමෙන් අනතුරු වය. 


"වැඩ හිර වෙලා බං. කැම්පස් යන්නෝනෙ හෙට. අරකි එක්ක කොහොම හරි යන්න ඕනි එහෙ. හවසට අනික් වැඩේ. බිස්නස් මීටිං එකක්ලු. තව පැය භාගෙකින් ගෙදරට දාන්නත් ඕනෙ "


ඕෂල නළල රැලි කරගත්තේ වාර්තාවට අවධානය යොමු කරමිනි. 

"යකෝ ස්වභාවිකයි. නියඟලා අල, කනේරු ඇට  ,විෂ බිම්මල් ජාති 3ක් ! මේවනෙ යකෝ විෂ! උඹට තාමත් හිතෙනවද මේක අතාරින්න පුළුවන් කේස් එකක් කියල ? !" 


🎶🎯


"ඇත්තටම අපිට මාස දෙකකට ම ටිකට් සෙල් වෙලා තියෙන්නෙ. සතියක්  පෝස් කලෑකි ස්වස්ථිකා ගෙ අසනීපෙ නිසා. "

 ශ්වාත්, ශ්වේත් ට කියමින් සිටියේය. අඩ සොයුරු ඔනෙත් සාරන්‍ය සිටියේ සුපුරුදු පරිදි සිය රූබික් ගණකය සකසමිනි. 


"මල්ලි කොහෙද හිටියෙ මේක වෙන වෙලේ? "


ශ්වාත් විමසුවේය. රූබික් ගණකයේ හඬ නෑසී ගියේය.


"පිටිපස්සෙ. අක්කි එනකං ".


නැවත රූබික් ගණකයේ හඬ ඇසෙන්නට ගත්තේය. සාරන්‍ය සහ ස්වස්ථිකා සැබැවින්ම අතිශය ළගන්නා සුළු ලෙස සමීප ය. දෙදෙනාට දෙදෙනා නැතිව නොහැකි තරමට ම  ඔව්හු බැඳී සිටියහ. මව් පාර්ශවයෙන් උරුම වූ සංගීත හැකියාව සාරන්‍ය ව වෙන් කළ එකම සාධකය විණි. 


එහෙත් ඔහු ගණිතයෙහි අතිශය දක්ෂයෙක් වූයේය. අතිශයින් පිළිවෙල ඔහුගේ  හැසිරීම් අවිහිංසක ය. එහෙත් ඍජුය. 


" අපි එහෙනම් මේ සතියෙ ශෝ ටික කැන්සල් කරමු. ස්වස්ථිකා ඉන්නෙ ශොක් එකේ. "


සුසුම් හඬක් ඇසිණි.


"එයා ඒ ඇස් දෙකටම දැක්ක පළවෙනි පාරට "!" 


- > ඊළඟ කොටසට 


🌝

ස්තූතියී පටන් ගන්නකොටම දුන්නු ආදරේට. ඒ වචන මහ මෙරක් තරම්


මම ඉල්ලන්නෙ එක දෙයයි.

ගෙස් කරන්න!


කවුද අර නම නොකියන නිලධාරියා


එතකොට


ඇත්තටම කවුද මෙහෙම දේවල් කරන්නෙ ?

මෙලින්සා

  මෙලින්සා • ඒක වැස්ස දවසක්. වැස්සට මම ආස නැති හේතු එකයි. ඒක තමා කුඩේ ඉහළගෙන යන්න වෙන එක. කොයි තරං අව්වක් තිබ්බත් කුඩයක් ඉහළගෙන යන්නැති මට, ...