Mummy and Mommies
Episode 03
The unknown story - නොදන්නා කතාව
🎯🎶
නවංජනා සිය පැරණි මිතුරියගේ නිසල දේහය දෙස බලා සිටියාය. ඈ සිටියේ කම්පනයෙනි. නුවී සුව නින්දක පසු විණි.
ඈ සමඟ හිරණ්‍යා සිටි බැවින් යොහාන් කොහේ හෝ ගොස් තිබිණි. නවංජනා ගේ හිසට බර ස්පර්ෂයක් දැනිනි.
ඒ වියපත් මිනිසා, සාරද වාසුදත්ත ය. නවංජනා මෙන්ම වාත්සල්යා බලාගත් ඒ මහා රුක්ෂය ය.
නවංජනා ගේ හැඟීම් විරහිත දෑසින් කඳුලක් ගලා හැලිනි.
වාත්සල්යා තොරාගත්තේ ලොව තෝරාගන්නට නුසුදුසුම මිනිසා ය. ඒ බව සාරද මෙන්ම නවංජනා ද දැන සිටියහ. එහෙත් ඈ ඒ මාර්ගයේම ගියාය. අත්දැකීමෙන් නවංජනා විඳවූ විඳවිල්ල තමන්ද විඳවන්නට තීරණය කළාය. ශෙවෝන් ගේ තාඩන පීඩන ගැන නවංජනා දැන සිටියාය. තවමත් ඒ අඳුරු කාල පරාසයේ සෙවණල්ලක් ඇයව බිය වද්දයි.
සාරද වාසුලදත්ත ගැඹුරු සුසුමක් පිට කළේය.
"එයා ව අරං ගියා නවී. බිල්ලො අරං ගියා. "
එපමණක් කී ඔහු පිටව ගියාය.
වාත්සල්යා ගේ කුඩා දරුවෝ දෙදෙනා අගමැති බිරියගේ තුරුල්ලේ සිටියහ. "ආච්චා කුක්කු " කියමින් හංඩන්නට ගත් ළදැරිය තුරු ලු කර සිපගනිමින් මනෝරී ගමගේ මහත්මිය (අගමැති බිරිය) සිටියේ කඳුළු වගුරමිනි.
නවංජනා ට මෙන්ම ඈ වාත්සල්යාට ද ප්‍රේම කළාය.
ඇගේ ලෝකය තුළ සිටි යක්ෂයන් වනාහී සිය සැමියා සහ පුතුය. ඒ හැරුණු කොට පුතුගේ පළමු බිරිඳ නවංජනා ද දෙවැනි බිරිඳ වාත්සල්යා ද ඇයට සුරඟනන් විය.
වාත්සල්යා කිරිගරුඬ පිළිමයක් තරම් පැහැපත් ය. නවංජනා රන් පැහැතිය. නවංජනා සිය පුතු හැර යෑම ගැන ඈ සොම්නස පල කලේ මීට වසර ගණනකට පෙරය. ඒ වන විටත් වාත්සල්යා සිය මිතුරියගේ සැමියා වෙතින් ගර්හණී ව ඇති වග දැනගත් පසු ඈ කම්පා වූවාය.
වාත්සල්යා නවංජනා මෙන් මොළයෙන් තීරණ ගන්නියක් නොවූවාය. ඈ හදවත නිසා විනාශ වූවාය. අවසන ඇගේ හදවත පසාරු කරගෙන විෂ කිණිස්සක් ගමන් කරනා තුරුම ඈ හදවතට ඉඩ දුන්නාය. සිය හදින් ම ශෙවෝන් ට ප්‍රේම කළාය. එය අද ඊයේක පටන් ගත්තක් නොවේ. නවංජනා ට විවාහ යෝජනාව එන විට ද , ඈ ඔහුව හැර යන විට ද , වාත්සල්යා ශෙවෝන් ට ප්‍රේම කළාය. අනතුරුව ඔහුට නතු වූවාය.
නවංජනා පරසක්වල ගසමින් එසේ නොකරන්නැයි ඉල්ලූ විටද, දරුවා සමග බලාගන්නම් යැයි භාරගත් විටද ඈ එය ප්‍රතික්ෂේප කොට ශෙවෝන් පිළි ගත්තාය.
නවංජනා තවමත් ඈ වෙනුවෙන් සිය ආත්මය දිය කර හරින බව තේරුම් ගන්නට නොහැකි තරම් ම අන්ධව සිටියාය. අවසන, තවත් ජීවියෙක් සමඟම නොකියාම පිටව ගියාය.
නිසල ඈ මදක් නිල් පැහැතිය. ඒ මරණ පරීක්ෂණයේදි පැවසූ විෂ ශරීරගත වීම නිසා විය හැකිය.
ඈ අසලම බොහෝ කලකට පසු බිමත් නොවන ඇස් වලින් කම්පනයෙන් ශෙවෝන් බලා සිටියි. ඒ දෑස් වල සිදු වූයේ කුමක්දැයි අදහා ගත නොහැකි බැල්මක් රැඳී තිබිණි.
සිය බිරිඳ මිය යන විට ගැබිණියක් යැයි කීම ඔහු ඇසූ බැවින් ඔහු සැබැවින්ම කම්පා වූ බව අසන්නට ලැබිණි. නවංජනා ගේ සිත මදක් කහටක් දැනිනි.
ඈ නුවී ගේ මුහුණ බැලුවාය. ඒවායේ ශෙවෝන්ගේ සේයාවක් හෝ නොවෙයි.
තමාට සිදු වූ දේ වාත්සල්යා ට සිදු වීමට ඉඩ නොදීම ගැන ඈ සිය දහස් වරක් තමාටම ප්‍රශංසා කරවත්තාය. ගැහැනියක් එවැනි දේ විඳිය යුතු නැත. දැන් ඉඳින් තවත් ඈ ඒ කැප කිරීමද කළ යුතු නොවේ . ඈ සුසුමක් හෙලුවාය.
ශෙවෝන්ගේ එක දෑස් බැල්මක් නවංජනා වෙතට යොමුවිණි. ඔහුගේ ඇස් දැල්විනි. ඔහු ඒ රන්වන් ගැහැනු රුවට අතිශය ආශා කළේය. ඈ වාත්සල්යා තරම් සිනිඳු නැත. එහෙත් ඈ අතිශය මනරම් යැයි ඔහු සිතුවේය. වාත්සල්යා ට ඈ අතිශ ය ප්‍රේම කළ වග ඔහු දැන සිටියේය.
සියල්ලම සිදු වූයේ එබැවිනි. !
" නවී හ් "
නවංජනා ගැස්සී ගියාය. හඬ ඇසුණේ අසළිනි. හිරණයා බාධකයක් විලස දෙදෙනා අතරමැද සිටගත්තාය.
" Away, Mr. Shevon "
හිරණ්‍යා ගේ තර්ජනාත්මක හඬට ඔහු මදක් සැලුනේය. මළ ගෙදරක් තුළ ගැහැනියකගෙන් පහර ලද යුතු නැත.
"ම්හ්. ලබන සතියෙ ගෙදර එන්න නවීහ්. අපි හොඳින් ඉමු "
🎯🎶
උදෑසන කෙටි නිවාඩුවක් ගත් ඔහු, සිය දේශන සඳහා සහභාගී වූයේය. එහෙත් ඔහුගේ සිත කලබල ව තිබිණි.
"දැන් උඹල කියන්නෙ මැඩම් මුතු ආරච්චි නෑ කියලද? "
ඔහු විමසුවේ උනන්දුවකිනි. මිතුරු නඩයේ එකෙකුට සිනහ නැගිණි. සිය මිතුරා සහ ආචාර්යවරිය ගැන ඔහු දැන සිටියේය.
"උඹ පහු ගිය ටිකේ ආවෙ නෑනෙ. මුතූ හෙනට අවුලෙන් හිටියෙ. ලීවින් කිස් එක දෙන්න බැරි උනා කියල දුක් වෙන්න ඇති. "
ඔහුගේ අත් මිටි මෙලවිනි. .
" මැසේජ් එකක් වත් තියන්න තිබ්බනෙ "
ඒ හඬ පරාජිතය. ..
" ආ ආ... මේ මේ උඹ හිතුවද කොටු පැන්නයි කියල උඹට මැසේජ් කොටන්න තරං ගෑනිට පිස්සු කියල. උඹ දැන් කියන්නෙපා මම මුතූට සිරා කලා කියල නං. ෂුගර් මමී ල ව ඔලුවෙ දාගෙන ලතවෙන්න නං හදන්නෙපා. "
එකෙකු පැවසුවේ ඔහුගේ හිසට පහරක් ගසමිනි.
"ගිය දවසෙම නිවාඩු දුන්නෑ බං. අශ්වින් කියල ඩයල් එකක් ඉන්නෙ ලොක්කා. මිනිහ එක්ක බෑ. ඔක්කොම ශෙඩූල් කලේ අමුතු විදියකට."
ඔහු ට සිය රැකියාව ගැන ද තිබුණේ තරහකි.
ඔහු සුසුමක් හෙළුවේය. මීළඟ දේශන වාරය ට දේශන ශාලාවට ගියේය. තව මිනිත්තු පහක් ඉතිරිව තිබියදී කසුකුසුව නැවතිනි.
ඔහුගේ දෑස් විසල් ව ගියාය.
ඒ අර රන්වන් දෑස් වල හිමිකාරිය ය. නවංජනා රාජතන්ත්‍රී මුලසුනේ සිටියාය.
" Evening Everybody
Navanjana Rajathanthree Is here. Hope you would help. We have to finish all the lessons by next month. So lets strat. Any question?
සන්ද්‍යාවක් හැමෝටම. මම නවංජනා රාජතන්ත්‍රී. ඔයාල උදව් කරාවි කියල හිතනව ලබන මාසෙ වෙනකොට අපිට පාඩම් ඔක්කොම ඉවර කරන්න වෙනව. ඒ හිංද අපි පටන් ගමු . මොනව හරි ප්‍රශ්න තියෙනවද ? "
ඈ විමසුවාය. කටකාර සිසුවකු සිට ගත්තේය.
" මැඩම් ගෙ වයස කීයද? "
නවංජනා සිනහ වූවාය. එය ඔහු මීට පෙර දැක නැත.
"අට වෙනි මර්සෙන් ප්‍රයිම් එක"
සිනහවෙන්ම ඈ පිලිතුරු දුන්නාය.
ව්‍යාපාර අලෙවිකරන සිසුන් දන්නා මර්සෙන් ප්‍රථමකයක් නැති වග ඈ නොදන්නා සෙයකි.
අර තරුණයාගේ මුව ඇද විනි.
ඒ දුටු ඔහුට සිනහවක් නැගිනි. ඒ රන්වන් පැහැ ඇත්තිය හුරුබුහුටි වග ඔහුට හැඟිනි. එහෙත් විටෙක ඈ අතිශය රළු ය.
මීළඟට නැගිට්ටේ තරුණියකි ඈ ජානමාධ්යවේදිනියක් ලෙස ක්‍රියාකරන වග දැන සිටි සියල්ලෝ නිහඬ වූයේ කුමක් හෝ නාටකයක් ක්‍රියාත්මක වන්නට යන්නා බව දැනීමෙනි.
"මැඩම්, වාත්සල්යා ගමගේ ගෙ මරණය ගැන දැනෙන්නෙ මොනවද? "
ඈ විමසිල්ලෙන් බැලුවාය. සන්සුන් ව පිළිතුරු දුන්නාය.
"දුකයි. "
එපමණකින් යුවතිය නොසෑහුණ සෙයකි.
"මැඩම් ආයෙම ශෙවෝන් ගමගේ එහෙම නැත්තං මැඩම්ගෙ එක්ස් හස්බන් ගාවට ගිහින් සමාදාන වෙනව කියන්නෙ ඇත්තද? ,"
ඔහු එයට සවන් දුන්නේය. ඒ ඔහු නොදන්නා මානයකි. සිය ස්වාමිදුව ගැන මීට වඩා දෙයක් දැනගත යුතු බව ඔහුගේ සිත කීවේය.
"බොරු "
පිළිතුර කෙටිය. රළු ය. තවමත් ඈ පෙර සිනහව රඳවාගෙන සිටීම ගැන ඔහු පුදුම වූයේය. ඔහුට අර තරුණිය ගැන දැනුනේ තරහවකි. ඇය ට තවමත් නාටකයක් ගොඩ නගන්නට නොහැකි වූ සෙයකි.
" ඒකට හේතුව මැඩම් ගෙ ළමයද? ආරංචි විදියටයි පේන විදියටයි ඒ ශෙවෝන් ගෙ නොවෙන දරුවෙක් නිසාද? "
මුලු දේශන ශාලාවම වූයේ නිහඬවය. සියල්ලන්ගේ දෑස් විසල් ව තිබිණි. අර කී තරුණිය නෙත්මි කුෂල්යා , ඈ පැවසූයේ සදාචාරාත්මක දෙයක් නොවේ.
ඔහු මදින් මද නොසන්සුන් වෙන්නට පටන් ගත්තේය. තමා ඇගේ පෞද්ගලික ආරක්ෂකයාය.
" නෑ. හේතුව ළමය නෙවේ. "
තව දුරටත් ඈ සන්සුන් ය . ඒ ගැන සියුම් සතුටක් මෙන්ම පුදුමයක් ඔහුට දැනුනි.
" එතකොට මැඩම් තාත්ත කෙනෙක් දන්නැති ළමයෙක් හදන එක අමාරුයි කියල හැමෝම දන්නව ඒ උනාට මැඩම් ගෙ කලින් හස්බන්ඩ් ප්‍රසිද්ධ කෙනෙක් වෙලත් මැඩම් අමාරුවකින් තොරව ඉන්නෙ කොහොමද? මැඩම් ආයෙ බැන්ද ද? "
ආයාසය ඇයව අවුස්සා ගැනීමය. සිසුහු ඒ ජනමාධ්‍ය වෙව්දිනිය දෙස හෙලුවෙව් සුපහන් බැල්මක් නොවේ. එහෙත් අතරින් පතරින් ඕපාදූප සොයන්නන් නොවුනාම නොවේ.
"ආන්න ඔයා ආවා දරුවෝ පොයින්ට් එකට. හේතුව මාකටින්. ඔයාලා ඔය ඔක්කොම දන්නෙ නැතුව හෙව්වට අදාල දේ හොයල නෑනෙ. මම ලංකාවෙ එක්ස්පෙන්සිව් ම මාකටින් ඩිසයිනර්. ඉතින් ඒ නිසයි මම මෙහෙම හොඳින් ඉන්නෙ. ඉතින් මට නෙත්මි කුෂළ්යා ට වගේ අනිත් අයගෙ ගොසිප් විකුණන්න ඕනෙ නෑ ජීවත් වෙන්න . මම මාකට් කරන්නෙ මගේ අයිඩියාස්. "
නෙත්මි කුෂල්යා ගේ මුව ඇද විනි.
ඈ වටපිටින් නැගෙනා විසිලු හඬවල් නිසාවෙන්ම වාඩිවූවාය.
ඔහුගේ මුහුණේ සිනහවක් මතු වූයේය.
🎶🎯
ස්වස්ථිකා ගේ සිහිය එළඹ තිබුණේය. ඈ සැනින් සෙව්වේ සාරන්‍ය ය.
ඈ කලබල කරන විට සාරන්‍ය සැනෙකින් ඈ වෙත ආවේ සුදු පැහැ ඕකිඩ් පොකුරක් සමගිනි.
ඔහුගේ පැමිණීම සමඟ ස්වස්ථිකා සන්සුන් වූයේ ශ්වේත් සහ ශ්වාත් සැනසුම් සුසුම් හෙලන විට ය.
ස්වස්ථිකා ගේ දුඹුරු දෑස් වල කඳුලක් කොපුල් සිප ගන්නා විට සාරන්‍ය ඇයව තදින් වැලඳ ගත්තේය.
"වැටෙන්න කලින් ඔයා පේන්න උන්නෙ නෑ මම ගාව. එතකොට මම බය උනා මල්ලි "
ඈ හැඬුම් ස්වරයෙන් කියනා විට සාරන්‍ය ඇගේ කොපුලක් මත දෙතොල් තද කළේය.
"මම හැම තිස්සෙම ඔයා ගාවමයි ඉන්නෙ අක්කී "
- >ඊළඟ කොටසට
- ,මල්-
ආසාවෙන්ම ලියන කතාවක් උනු මේකට අදහසක් තියල යන්න කාරුණික උනාට ඔයාට ස්ස්තූතියී 🥺💕
ඉතින් ..
දැන් මොනවද හිතෙන්නෙ ..
මොනව වෙයිද ?
කොතනින් ඉවර වෙයිද ??
ගෙස් කරන්න දිගටම .ම්

No comments:
Post a Comment