Mummy and mommies
Episode 04
Lullaby of Woe - ඛේදයේ නැළවිල්ල
🎯🎶
යොහාන් පෝල් ජොන්සන් නවංජනා රාජතන්ත්‍රී ගේ විසල් නිවෙසේ ආලින්දය තුළ අසුන් ගෙන සිටියේය. හත පසුව මිනිත්තු 25 ක කාලයක් ගතව තිබෙන විට බොහෝ සේවකයින් සිටියේ ආලින්දයට වී රූපවාහිනිය නරඹමිනි.
මුල් කාලයේදී මේ විසල් නිවෙස පිළිබඳ , එහි හැසිරීම් සහ වෙනස් ආකාරයේ රීති පිළිබඳ විකාරරූපී හැඟීමක් වුවද දැන් දැන් ඔහු එයට සුපුරුදු ව සිටියේය. ඒ නිවසේ සියල්ලෝ සිටියේ සතුටිනි. කළ යුතු කාර්යයන් අවම වූයේය. ආරක්ෂාව හැර අනෙක් දේ පිළිබඳ වූයේ අවම සැලකිල්ලෙනි.
නවංජනා සිය රාජකාරී වලදී අතිශය ම ප්‍රතිපත්ති සහගත වූවාය. දැඩි වූවාය.
ළතැවුල් හැඟීම් නොපෙන්වන ඈ කෙරෙහි සියල්ලන්ට තිබුණේ ගෞරවයකි. එය ඇගේ බලය ධනය නිසා ඇති වූවක් නම් නොවෙයි. ඈ දක්ෂ නායිකාවක්, මෙහෙයවන්නියක් වූවාය.
ගත වූ සතියක කාලය තුළ ඈ යොහාන් ද තම දේශන වලට සහභාගී වන බව නිරීක්ෂණය කළාය. නුවී ඔහුට වඩා ප්‍රිය වීම ගැන නොරිස්සුමක් පළ කළාය. එහෙත් නුවී ව ඔහුගෙන් ඈත් නොකළාය.
ඈ ගුප්තය. කිසිම හැඟීමක් නොපෙන්වන සුළුය. විටෙක, ගැහැනුන්ට එතරම්ම නිහඬ විය හැකි දෑයි ඔහුට සිතෙයි. ඈ හැඟීම් ද නොපෙන්වා ක්‍රියාවෙන් පමණක් බොහෝ දේ සිදු කරයි.
එහෙත් ඈ තවමත් දිවයිනේ වඩාත් මිල අධිකම වෙළඳ අලෙවිකරණ නිර්මාණශිල්පිනියයි. පිළිගත් විශ්ව විද්‍යාල තුනකම ආරාධිත දේශකවරියක් වූ ඈ ප්‍රධාන පෙලේ හෝටල් ජාලයක ද අයිතිකාරියක් වීම ම යොහාන්ට විස්මයක් ගෙන දුනි.
යොහාන් පෝල් ජොන්සන් ස්වකීය රැකියාව පිළිබඳ ව ද සිටියේ අධික කුතුහලයෙනි. ඔහු ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තේ හිරණ්‍යා මාර්ගයෙනි.
සිය සොයුරියක් වූ හිරණ්‍යා පවා නවංජනා ට මෙතරම් සමීප ව හිතවත්වූ හේතුව ඔහු නොදැන සිටියේය.
ඇගේ සමීපතමයන් ඈ ගැන කුමක් හෝ සඟවයි. එය ඇතැම් විට තමා විමර්ශනය කරන්නට ආ මහා පරිමාණ මත්ද්‍රව්‍ය වංචාව පිළිබඳව විය හැකියැයි ඔහු අනුමාන කළේය. ඈ වැනි අතිශය කාරශූර තැනැත්තියකට නීතියේ ඇස් වසමින් ඕනෑම වංචාවක් කිරීමට බියක් ඇති නොවේයැයි ඔහු අනුමාන කළේය. ඇරත් ඈ අගමැතිගේ පුතුගේ පළමු බිරිඳයි.
බලය ඇති තැන ඕනෑම දෙයක් කළ හැකි බැවින් එවැන්නක් මෙවැන්නියකට සුළු යැයි ඔහු විශ්වාස කළේය. එය වටහාගැනීමට සුදුසුම ක්‍රමය කුමක්දැයි ඔහු ඒ වන විටද තීරණය කොට සිටියේය.
ඔහුගේ කල්පනාව බිඳ හෙලුනේ ප්‍රධාන පරීක්ෂක අශ්වින් ගේ පැමිණීමෙනි. යොහාන්ගේ අසුන අසළින්ම අසුන් ගත් ඔහු යොහාන්ගේ කරට අතක් දමා ගත්තේය.
" මචං , ඉතිං ? "
යොහාන් සිනහවක් පළ කළේය.
ඒ හැඩි දැඩි මිනිසා නවංජනා අසළදී පමණක් අතිශය යටහත්භාවයක් පෙන්නුම් කළ හැඩි දැඩි මිනිසෙකි.
කුන්ග් ෆූ, ශෙවෝලින් , කරාතේ මෙන්ම මාෂල් ආර්ට්ස් ආරක්ෂක ක්‍රම වල ද පරතෙර ට ගිය මේ මිනිසා ට නවංජනා දැඩි ඇල්මක් දැක්වීම , ඔහු වෙත ඇගේ කළුනික සිනහව පෑම යොහාන් ව ඊර්ෂ්‍යාවට පත් කොට තිබිණි.
" උඹ අද හවසත් මැඩම් එක්ක යමන් අර කොන්සට් එකට. මතක තියා ගනින් මොනව කිව්වත් ලඟින් හෙල්ලෙන්නෙපා. අර ගැනියෙක්ව මරල දාල තිබ්බෙ. එදා වගේම පරිස්සමෙන් එක්කන් වරෙන්. බේබි ව එක්කන් යනවද නැද්ද තවම අපි දන්නෑ. "
යොහාන් ගේ ඇස් සිහින් වූයේය.
"අශ්වින් අයියෙ සිරාවටම මිනීමැරුමක් වෙලා තියෙද්දිත් මැඩම් ඇයි ඕකට යන්නෙ?"
අශ්වින් සුසුමක් හෙළුවේය.
" ඒ මනුස්සය ආසාවෙන් යන්නෙ ඕකට විතරමයි "
🎯🎶
පොලිස් මූලස්ථානය කලබලයෙන් පිරුණු තැනක් වූයේ මීට සතියකට පමණ පෙරය.
යොහාන් නොමැතිව එහි වැඩ ඇනහිට තිබිණි.
අගමැති ගේ වුවමනාවට මිනිසෙකු අත් අඩංගුවට ගත් අතර, එය අගමැති පවුල මානසිකව වැට්ටවීමට ගත් උත්සාහයක් ලෙස මාධ්‍යයට එම පුද්ගලයාම පාපොච්චාරණය කර තිබිණි.
සියල්ලෝ දැන සිටි සත්‍යය වසන් කරගෙන සිටි මුත් , සත්‍ය අපරාධකරු සෙවීමට රහසිගත මෙහෙයුම් දියත් වූයේ රහස් පොලීසි සාමාජිකයින්ගේ මැදිහත්වීමෙනි. ව්‍යාපාරික වාසුලදත්ත එයට හේතුව විණි. ලඟ ලඟම පැවති චන්ද උණුසුම නිසාවෙන් වාත්සල්යා සතියක් පුරා අගමැති විරුද්ධ පාර්ෂවයන්ගෙන් කිනිසි පහරවල් ලද්දේ මාධ්‍ය වලය.
වාත්සල්යා ගේ සිඟිති දරුවන් දෙදෙනාම අගමැති බිරිඳ බලාගත්තාය. සිය පුතුගේ සහ සැමියාගේ පව් දරුවන්ගේ කර මතින් නොයා යුතු බැවින් ඈ රටින් පිටව ගියාය.
එය ද ප්‍රශ්නයක් වූ කල, දරුවන් දෙදෙනාගේ මානසික සෞඛ්‍ය ගැටලුවක් නිසාවෙන් එය සිදු වූ බව සීයා වශයෙන් අගමැති දැනුම් දුන් අතරම සිය පුතු දේශප්‍රිය ශෙවෝන් මීළඟ මහා මැතිවරණයට ඉදිරිපත් කරනා වග ද ඔහු ස්ථීර කර තිබිණි.
🎯🎶
ස්වස්ථිකා මෙවර හැඳ සිටියේ තද කලු පැහැ අඳුමකි. කළු පැහැය ඈ අතිශය අප්‍රිය වර්ණයකි.
එහෙත් ලංකාවේ පළමු ප්‍රසංගයේදීම සිදු වූ ලේ වැගිරීමට දුක පල කරනු පිණිස ඈ එසේ කල යුතුයැයි තීරණය කර තිබිණි.
ශ්වාත් සහ ශ්වේත් ගේ වාදනයන් අතිශය ප්‍රියතාවයකින් රස විඳිමින් ප්‍රේක්ෂකයන් සිටියේ කුල්මත් වෙමිනි.
සුප්‍රසිද්ද මැදිරි සංකීර්ණය කහ ආලෝකයෙන් වර්ණ ගැන්වී තිබිණි. සියලු ආසන පිරී පැවතිනි. නවංජනා සිටියේ ඉදිරිපස ප්‍රභූ පැලැන්තියේ අසුනක යාබද යොහාන් පෝල් ජොන්සන් නම් සිය පෞද්ගලික ආරක්ෂකයා සමඟය. අශ්වින් ගේ දැඩි තීරණය මත ඇයට සහ යොහාන් ට සමසුන් දැරීමට සිදු වූයේ ඇගේ ආරක්ෂාව පිණිසය.
ප්‍රථමයෙන් “Rockabye” නම් Anne-Marie හා Sean Paul ගේ සුප්‍රසිද්ධ ගීතයේ නවීකරණයක් වාදනය කළ ශ්වේත් ශ්වාත්ගේ හඬින් එය වර්ණගන්වන්නට ඉඩ හැරියේය.
ඉන්පසු විවිධ සංස්කෘතීන්ගේ සංගීත සංකලනයන් වාදනය වූ අතර ඒ සියල්ලම නවමු අත්දැකීම් වූයෙන් දේශීය ප්‍රේක්ෂකයන් උන්නේ උන්මාදයෙනි.
අනතුරුව එළඹුණේ ස්වස්ථිකා ගේ අවස්ථාවයි.
අනතුරුව එළඹුණේ ස්වස්ථිකා ගේ අවස්ථාවයි.
ඈ වේදිකාවට පැමිණියේ චකිතයකිනි. ඉන්පසු පසුබිම් වාදනය ශ්වාත් විසින් සපයන විට ඈ ගායනයේ යෙදුනේ සුඋප්රසිද්ධ Lullaby of woe නම් ඉංග්‍රීසි ගීතයයි.
ප්‍රේක්ෂකයන්ට දැනුනේ ඔවුන් මායාවක් තුළ ගිලෙනවාක් වැනි හැඟීමකි. ස්වස්ථිකා ගේ හඬ සැමවිටම හැඟීම් දනවන්නක් වූයේය. එය අභිරහස්මය ස්වරූපයකින් යුක්තය.
ලනා ඩෙල් රේ නම් ගායිකාවගේ හඬට ඇගේ හඬ සමාන යැයි මීට පෙර වාර්තා වී තිබුණද යොහාන් එය ප්‍රථමයෙන් අත්දැක්කේ ඒ මොහොතේය. ඔහුට දැනුනේ මායාවකට වශී වූවාක් වැනි හැඟීමකි.
Wolves asleep amidst the trees
Bats all swaying in the breeze
But one soul lies anxious, wide awake
Fearing all manner of ghouls, hags and wraiths
For your dolly polly sleep has flown
Don't dare let her tremble alone
For the Witcher
Heartless cold
Paid in coin of gold
He comes, he'll go, leave naught behind
But heartache and woe
Deep, deep woe
Birds are silent for the night
Cows turned in as daylight dies
But one soul lies anxious wide awake
Fearing all manner of ghouls, hags and wraiths
My dear dolly polly shut your eyes
Lie still, lie silent utter no cries
As the Witcher
Brave and bold
Paid in coin of gold
He'll chop and slice you
Gut and dice you
Eat you up whole
Eat you whole
වචනයේ පරිසමාප්තයෙන්ම එය අඳුරු හා මූසල හැඟීමක් ඇති කරන විට , ස්වස්ථිකා ඒ සියළු හැඟීම් එක් වර මකා දමමින් සිය ගිම්බාර්ඩය අතට ගත්තාය. එහි නූල කරකවා ඇද සිය වාදනය ඇරඹුවාය.
එහි ද වූයේ ගුප්ත භාවයකි. නවංජනා ඒ ගුප්ත භාවයට ආශක්තව බලා සිටියදී යොහාන් වූයේ තරමක් නොසන්සුන් හැඟීමකින් පීඩා විඳිමිනි.
"මාව පාවෙනව වගේ දැනෙන්නෙ"
පසෙක සිටි කාන්තාවක් එසේ පවසන විට යොහාන්ගේ තොල් නොපිට පෙරළුනේය.
වාදනය ඉතාම උත්කර්ෂවත් ලෙස ගලා යන විට එක් වරම යොහාන්ගේ පිටුපස අසුනෙන් විලාපයක් ඇසිණි.
ඒ දෙවැනි පේලියයි.
ඔහු පසුපස හැරී බලන විට දුටු දසුන නිසාවෙන් ඔහු නවංජනාගේ අත තදින් අල්ලා ගත්තේය.
ගැහැනියකගේ ගෙල රිදී කිණිස්සකින් සිදුරුව තිබිණි. ඈ මොහොතක් දඟලා නිසල වූවාය.
සංගීතය තවම නොනැවතී පැවතිනි
ස්වස්ථිකා කිසිවක් නොදැක්කා ය.මන්දයත් ඈ ගිම්බාර්ඩය ට සමවැදී සිටි බැවිණි..
යොහාන්ගල් ගැසී මෙන් හුන් නවංජනා ව ඇදගෙන පළමු පෙල මැද කෙලවරට පිය නැගුවේ ආරක්ෂක පළිහක් මෙන් ක්‍රියාත්මක වෙමිනි.
එවිටම අනෙක් පස දෙවැනි පේලියෙන් තවත් විලාපයක් ඇසුණේය.
නවංජනා යොහාන් ගේ දෑතේ එල්ලුනේ තවත් කාන්තාවකගේ අවසන් සුසුම වාතයට මුදා හැරෙද්දී ය.
- > ඊළඟ කොටසට
- මල්-
😐
ගෙස් කරන එක නවත්තන්නෙපා හොඳේ 🙃🎯🤍
සමහර වෙලාවට උත්තර තියෙන්නෙම ඔයා ලඟම වෙන්නත් පුලුවන්.
ඇල්බම් එක ශෙයා කලෑකි දැන්
😍💕
ස්තූතියී කියවනවට
ආදරෙයී හොඳේ 🍃

No comments:
Post a Comment