Friday, 14 October 2022

Black Beaches - කළු වෙරළවල්

 Black Beaches

කළු වෙරළවල්



අද මම කියන්න යන්නේ කළු වෙරළවල් ගැන

🌊මොනවද මේ කළු වෙරළවල් කියන්නේ?

කළු වෙරළක් කියන්නේ ඇත්තෙන්ම , කළු පාට වැලි සහිත වෙරළකට. ලෝකෙ අපිට වැඩිපුරම දකින්න තියෙන්නේ  රත්තරන් පාට වැලි සහිත වෙරළවල් නිසා, ඇත්තෙන්ම කළු වෙරළක් කියන්නේ වෙනස් දෙයක්. ඒත් කළු වෙරළවල් දකින්නට ලැබෙන්නෙ කලාතුරකින්. ලෝකෙ තැන් 20ක 30ක වගේ අපිට කළු වෙරළවල් දකින්න පුළුවන්. ඒ කළු වෙරළවල් තියෙන තැන් වල කබොලේ මැග්නයිට් තියෙන ප්‍රමාණය වගේම ගිනිකඳු තිබ්බද නැද්ද කියනෙක මත මේ වැලි වල පාට රඳා පවතිනවා කියන එක තමයි ඇත්ත.


🌊 කළු පාට වෙරළක්! ඒත් කොහොමද?

ඇත්තටම කළු පාට වැලි නිකන් හැදෙන්නෙ නෑ. මේ වෙරළවල් වල කළු පාට වැලි හැදිල තියෙන්නේ බොහෝ වෙලාවට ගිනිකඳු විදාර්ණය වෙලා ලාවා ගල් ගැහුණට පස්සෙ හැදෙන කළු පාට ගල් /කඳු කාලයත් එක්ක කුඩු වෙලා කියලා තමයි කියන්නෙ.


🌊ඒ වෙරළවල් සාමාන්‍ය වෙරළවල් වලට වඩා වෙනස් ද?
කළු වෙරළක කළු පාට වැලි, හරිම සිනිඳුයි වගේම සාමාන්‍ය වැලි වලට වඩා උෂ්ණත්වයෙන් වැඩියි. සපත්තු පැලඳීමට ඒ වගේ සංචාරක වෙරළවලදී උපදෙස් ලැබෙනවා.

ඒ උනාට දීප්තිමත් හා සෞඛ්‍යය සම්පන්න සමකට මේ කළු පාට වැලි වල තියෙන ඛනිජ ලවණ එහෙම උදව් වෙනවා කියල ත් කියනව. ✨
ඒ වගේම ඒවා බැක්ටීරියා සහ ව්‍යාධිජනකයන්ට ප්‍රතිවිරෝධතා දක්වනවලු . 🍃






🌊කළු වෙරළවල් තියෙන්නෙ කොහෙද?

කලින් කිව්ව වගේ ලෝකෙ තැන් 20ක 30ක වගේ කළු වෙරළවල් තියෙනවා. වාර්තා අනුව වැඩිපුරම කළු වෙරළවල් තියෙන්නේ අයිස් ලන්තයේ. තව ග්‍රීසිය, තහිටී, හවායි, ඉන්දුනීසියාව, ජපානය, නවසීලන්තය, පිලිපීනය, ඉතාලිය  වගේම කැලිෆෝනියාවෙත් කළු වෙරළවල් තියෙනවා.

පහළින් තියෙන්නේ එහෙම වෙරළවල් කිහිපයක නම් .ඔයාලා කවුරු හරිම ගිහින් තියෙනව නම් ඒ ගැනත් අපිට කියන්න.

Previlos beach , Greece
Thaharuu Beach, Tahiti
Reynisfjara, Iceland
Playa Jardin, Iceland
Punalulu Beach, Hawai
Mero beach, Dominica
Sengigi beach, Indonesia
Miho no Mastsubara , Japan
El Golfo , icelands
Kamari beach, Greece
Karekare beach, Newsealand
Black sands beach, California


මල්ෂි එන් ප්‍රනාන්දු
Malshi N Fernando


Monday, 10 October 2022

වියළුණු කොළ

 අම්මා බලන්න ආ වෙලේ

වැඩිහිටි නිවාසෙට

අඹ ගහ යට

එකොළහ වසරේ  ටීචර්

විද්‍යාව උගන්නපු

ඈ දෙපා ළඟ

වැටුණු කොළ පොදියකි

වියළුණ

කොළ පාට නැත්තං

බැහැ ප්‍රභාසංස්ලේෂණය කරන්න

එතකොට ගහ කරන්නේ

වියළි කොළ අයින් කරන එක

ඈ එහෙම කිව්වා

මට මතක ය.

-මල්-

-photo from internet- 



Sunday, 9 October 2022

ලොව ලස්සන කරන කැත සළු අතර

 රස්සාව කරන්නේ නොකර බැරි හින්දාය 

බඩගින්නෙ දරු පැටව් කෑ ගහන හින්දාය

ගඳ නිසා ළඟින් යන අයගෙන් මම නින්දාය 

ඒ උනත් මගෙ උන්ට තාම මම අම්මාය


හංදියේ හැම තැනම සුද්ද කරන්නට කලින්

හරි අපුල දැනෙනවා ආවාම පාන්දරින්

ලඟින් යන විට වැහුවාට නහය නුඹෙ ලේන්සුවෙන්

හත් දවසකත් කුණුය අයින් කරන්නේ අතින්


ගැහැනියක් ලස්සනයි සේද සළු ඇන්දාම

නගරයක් ලස්සනයි කිසි කසල නැති දාට

රෑ උදේ වරුව සිට මෙහෙම කුණු ඇද්දාම

දවල්ටයි ලස්සනක් පෙනෙන්නේ මිනිසාට


ඩිකි පිටින් පුරවාන පාරටම හලාලා

කන ටොපියෙ කොලය තුන හතරකට නමාලා

ඉතුරු උනු බත් එකත් පාරටම හලාලා

සේද සළු පොරවාන යන අරුම පෙනේයා


-mal🤍✍🔮

මෙලින්සා

  මෙලින්සා • ඒක වැස්ස දවසක්. වැස්සට මම ආස නැති හේතු එකයි. ඒක තමා කුඩේ ඉහළගෙන යන්න වෙන එක. කොයි තරං අව්වක් තිබ්බත් කුඩයක් ඉහළගෙන යන්නැති මට, ...