Friday, 30 July 2021
Tuesday, 27 July 2021
. නොවක් තුති
කන විදිද්දි හැඩුවාට අද සිටි හිනැහි සුදු මුවින්
ලස්සනයි හරි මලක් මෙන් ඇය හැලෙයි නිල්මිණි ඇගේ නෙතින්
පෙරුම් පුර පුර මවක් වන්නට පස් වසක් දුක් විදි හදින්
කුණු ගොඩේ නුඹ දමා ගිය මල මිදුවේ මං බැල්ලක මුවින්
ඔහුගේ වරදට “වද“ කියා මට දුන්නු දුක් ගිනි වේදනා
අසරණයි ඔහු කියා ගන්නට බෑ කිසිත් ඒ ගිනි නිවා
හදේ බරටම දරා බර මම හුනිමි විද විද ඒ හන්දා
නුඹට පිං ඈ විසි කළත් ඇය මවක් උනි මම ඒ හන්දා
එදා මතකයි අඳුරු දවසක් අනෝරා වැසි ඇද වැටි
හෝල්ට් එක ලඟ බැරල් එකකින් ආවේ කිරි සුවඳක් මිදි
බැල්ලියක් එහි සිටියා ඉව කර තලු මරා ඇති දේ දැකි
උපුල් පැහැයෙන් නෙළුම් පොට්ටුව ප්ලැනල් රෙදි කඩකින් එතී
හද පනින්නට සැරසුණේ පිට අල්ලගත්තේ වෙව්ලමින්
දුනිමි උණුසුම ඈ ළයට ගෙන දිව්වා මං රෝහල් යලිත්
උපුල් පැහැ මුව රෝස වෙනකොට වැස්සේ සැර බව අඩු වෙමින්
ඈ නිසා මං මවක් වූවා පිං නුඹට දෙමි යළි යළිත්
මතක් වෙන්නැති නුඹට ඈ ගැන හොයන්නට යළි ආවදෝ
සිව් මසක් නෑ නින්ද ඈ හට සිහින වල නුඹ සිටියදෝ
හිතෙන් විදවපු රැයක බරටම නුඹේ සිතින් ඈ ගියාදෝ
එසේ නැති නම් හෝල්ට් එක ළඟ තාම නුඹ එහි සිටීදෝ
මෙලින්සා
මෙලින්සා • ඒක වැස්ස දවසක්. වැස්සට මම ආස නැති හේතු එකයි. ඒක තමා කුඩේ ඉහළගෙන යන්න වෙන එක. කොයි තරං අව්වක් තිබ්බත් කුඩයක් ඉහළගෙන යන්නැති මට, ...


