Mummy And Mommies
Eposode 5
fallen angel - තටු සිඳුණු දේවදූතයා
ශ්වාත් සහ ශ්වේත් සාරණ්‍ය සමඟ සිටියේ නැවතත් සුපුරුදු රෝහල් කාමරයේය.
" මේක ලොකු ශොක් එකක්. මිස් ස්වස්ථිකාගෙ තත්වෙ පොඩ්ඩක් ක්‍රිටිකල්. මිසටර් පෙරේරා ඔයාලට මිස් ස්වස්ථිකා ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න වෙනව . කලින් පාරත් එයා ගොඩක් බය වෙලයි උන්නෙ මතක විදියට. "
වෛද්‍යවරයා බැරෑරුම් ව පැහැදිලි කරන විට ශ්වාත් සහ ශ්වේත් සුසුම් හෙලුවෝය. ඔවුන් සිටියේ සිය වෘත්තීය ජීවිතයේ ආරම්භයේ වන විට මේ සිදුවීම් දෙක අතිශයින්ම ඔවුන්ගේ දිවියට බාධකයක් විණි.
දැඩි පොලිස් ආරක්ෂාව මධ්‍යයේ පවා සිදු වූ සිදුවීම් අතිශය අභිරහස් මය.
"හරි ඩොක්ටර්. ආයෙම අක්කි මේවල ප්ලේ කරන්නෙ නෑ. ඩිස්චාජ් උනු ගමන් අපි ආයෙම ඉටලි යනව. "
සාර්ණ්ය ගේ හඬ ළාමක නොවිණි. එය සාපේක්ෂව රළු හඬකි. සාර්ණ්ය බාල නමුත් දැඩි සහ නිහඬ ය. ඔහු මුදු වන්නේ ස්වස්ථිකා අසළ පමණකි. ද්
දෙටු සොයුරෝ එකිනෙකාගෙ මුහුණ බලාගත් හ.
"මල්ලි එහෙම කරන්න බෑ මේක අපි තුන්දෙනාගෙම හීනයක්. මේක කාගෙ හරි එපා කරපු කැත විහිලුවක්. අපේ career එකට මෙව්ක ලොකු අවුලක්. ඔයා දන්නව අපි කොහොමද build up උනේ කියල. "
ශ්වේත් ගේ හඬ කලබල සහිතය. සාර්ණ්ය සාවධානව අසා සිටියේය.
"මට තව දුරටත් ඒව ගැන කිසිම උවමනාවක් නෑ අයියා. අක්කි ශොක් වෙන කිසිම දේකට මම ඉඩ දෙන්නෙ නෑ. ඊළඟ පාර දෙකක් නෙවේ තුනක් මැරෙයි. මෙච්චර murder වෙන එක සාමාන්‍ය නෑ. කෙනෙක් ඔයාගෙ career එක අවුල් කරන්න දැනටම මිනිස්සු 3ක් මරල නං ඒකෙන් අදහස් වෙන්නෙ අනිවාර්යේ ම ඔයා මේක නවත්තන්න ඕනෙ කියන එකයි. "
ශ්වාත් ද සුසුමක් හෙලුවේය
"අපි private detective කෙනෙක් ව hire කරන්න ඕනෙ. "
ශ්වේත් ද හිස සැලුවේය.
"කොහොම කළත් අක්කිව අරන් යනව මම. "
සාරන්‍ය පැවසුවේ දැඩි හඬෙනි.
"අපි මේක සෝල්ව් කලොත් ඔයා නවතිනවද?"
සාරණ්‍ය පවසන ඕනෑම දේකට ස්වස්ථිකා එකඟ වන බව දත් ශ්වාත් විමසුවේ සැකයකිනි. සාරන්‍ය කිසි විටෙක ස්වස්ථිකා සම්බන්ධ ප්‍රතිපත්ති ලිහිල් නොකරන බව ඔවුහු දත්තෝය.
"හරි. එක චාන්ස් එකයි. "
සාරණ්‍ය රෝහල් කුටියේ දොර විවෘත කළේ දෙටු සොයුරන්ට පිටතට යන්නට ඉඟි කරමිනි. එය සාකච්ඡා වේ අවසානය බව දැනගත් සොයුරෝ සුසුම් හෙලමින් පිටවූයේ අවිනිශ්චිත අනාගතය ගැන කලබලයෙනි.
🎯🎶
පොලිස් මූලස්ථාන ප්‍රධානියා ගේ කැඳවීමට තෝරාගත් රහස් පොලිස් නිලධාරීහු රැස් ව සිටියේ රාත්‍රී දොළහ පසු වී මිනිත්තු පහළොවක කාලයේදීය.
කැෆේන් කෝප්ප හිස් ව තිබුණේය. සිලින්ඩරාකාර මේසය වටා රැස් ව සිටි සියල්ලෝ සිටියේ සිය උකුළු පරිගණක හසුරුවමිනි. ඔවුහු කිසිවෙක් අපේක්ෂා කළ බවක් පෙනිනි. සිලින්ඩරාකාර මේසයේ එක් අන්තයක් අසළ තිබූ බිත්තියේ බහු රූ ප්රක්ෂේපණ තිරයක වාදනය වෙමින් පැවතුණෙව් ස්වස්ථිකා ගේ වාදනයයි.
"සර්, යොහාන් ට එන්න වෙන්නෙ නෑ. "
එක් හැඩි දැඩි නිලධාරියෙක් පැවසුවෙව් නිහඬතාවයක් ඇති කරමිනි. අතරින් පතර එපා වූ බවක් හඟවන හඬක් ඇසිණි. තිරයේ දර්ශනය නැවතිනි.
"ඌ නැතුව කොහොමද කරන්නෙ? "
ගැඹුරු වියපත් හඬ ක් ගුගුලේය.
"සර්, රාජතන්ත්‍රී මැඩම් ගෙ දුවට අසනීපයි. යොහාන් දැන් ආවොත් අපිට මිෂන් දෙකක් මිස් වෙනව රාජතන්ත්‍රී ගේ මේන් බොඩිගාර්ඩ් අශ්වින්, අශ්වින් අමල් රොද්‍රිගෝ. "
ප්‍රධානියාගේ මුව ඇද වූයේය.
"අශ්වින් කියන හාදය තදපොරක්. මිනිහ චයිනා ටව්න් වලත් ඉඳල තියෙනව. "
මැදිවිය පසු කළ නිලධාරියෙක් පැවසුවේ මේසයට පෑනකින් තට්ටු කරමිනි.
"යොහා නැතුව කොහොමද මේක කරන්නෙ? කෙලිම්ම බහිමු කතාවට. උඹලා දන්නව කිසිම දෙයක් කරගන්න බැරි උනාම අපේ එකම සරණෙ ඌ කියල. "
වියපත් හඬ ඇසුණේ මෙවර අඩු හඬකිනි.
සියල්ලෝ නිශ්ශබ්ද වූහ. එය අසරණ භාවයේ නිශ්ශබ්ද් වීමකි.
"හරි. පොලිසියෙන් ගත්තු එව්ව මුලිම්ම කියපංකො. "
වියපත් හඬ නැවතත් දැඩිව නැගුනේය.
"සර් වාත්සල්යා ගමගේ කියන්නෙ අගමැතිගෙ ලේලි. ඉස්සරහ පේලියෙ දෙවෙනි ආසනේ හිටියෙ වම් පැත්තෙ ඉඳන්. ළඟ ඉඳන් ඇනපු පහරක් විදියටයි තීරණේ වෙලා තියෙන්නෙ පහරෙ ප්‍රබලත්වය අනුව . ඒත් උග්‍ර විශක් හිංදයි මැරිල තියෙන්නෙ නම්.ඔක්කොම ස්වභාවික විශ. කිණිස්ස තනි රිදී. රිදී පවුම් පහළොවක බර කිණිස්සෙ තියෙනව. කිසිම ඇඟිලි සලකුණක් නෑ.සී සී ටී වී දර්ශන වල පැහැදිලිව පහර එක්ක වුණු තැන පේන්නෙ නෑ. ".
නිහඬතාවයක් ඇති විණි.
"හොල්මං ද බං? "
තරුණයෙකු විමසුවේ අනෙකුන් ද හිස වනන විටය.
"මේක අරුම පුදුම රස්සාවක්. උඹල තාම පොඩියි. supernatural දේවල් පවා සිද්ද වෙනව. මේකට ආපුවම උඹලට තේරෙනව විද්‍යාවෙන් ටෙක්නික් වලින් විතරක් දේවල් පැහැදිලි කරන්න බෑ කියල. අපි ඉස්සරහට යන්ඩෝනෙ දැනෙන දේවල් වලින්. හරි උඹ ඊයෙ සිද්දි දෙකත් කියපං. "
ප්‍රධානියාගේ හඬ ඇසුණේ නොසන්සුන් සරකිනි. සිදුවීම් සියල්ලම අස්වාභාවිකය. නොපෙනෙන මිනීමරුවා කොහි සැඟව ඇත්දැයි කිසිවෙක් නොදැන සිටියහ.
"ඊයෙ මැරිල තියෙන්නෙ දක්ෂිණ දබරේරා ගෙ වයිෆ්. අකේලා ඈන් දබරෙරා. වයස තිස් තුනයි. ළමයි තුන් දෙනයි. එක්කෙනෙක් කලින් කසාදෙ ලමයෙක්. දක්ෂිණ කියන්නෙ ඕෂන් පොලියුෂන් වලට ආපු සොලියුෂන් ප්‍රොජෙක්ට් ගත්තු ලංකාවෙ NGO එකක PROJECT MANAGER කෙනෙක්.
අනික් එක්කෙනා සාවිත්‍රි ගුණතිලක. ස්ටැන්ලි ගුණතිලකගෙ වයිෆ්. වයස හතලිස් අටයි. ළමයි හතරයි. ස්ටැන්ලි ගුණතිලක කියන්නෙ මහ බැංකුවෙ වැඩ කරන ඔඩිටර් කෙනෙක්. "
ප්‍රධානියා ගේ දෑස් සිහින් විණි.
"දෙකම බර අතු. හස්බන්ඩලගෙ පඩි කොහොමද වයිෆ්ලගෙ ජොබ් මොනවද ?
-
"ස්ටැන්ලිගෙ මන්ත්ලි ඉන්කම් කෝටි තුනහමාරක්. දක්ෂිණගෙ කෝටි පහක්. "
සියල්ලන්ගේ ඇස් නළලට ගියේය.
සුසුම් හෙලිනි.
"ඒ කියන්නෙ මේක අතාරින්න වෙන් නැති එකක්. "
එකෙක් කියනු ඇසිනි.
"හා හා ඉතුරුව. "
නැවත කසුකුසු ව නැවතිනි.
"දෙන්නම මැරිල තියෙන්නෙ අඩි අඩුම දහයක ඉඳන් දුරකින් එල්ල උනු රිදී කිණිසි දෙකක් ගෙල හරහ ගිහින් සුසුම්නාව ඩැමේජ් වෙලා. ඒ දෙන්නටත් විශ පොවපු කිණිසි පාරවල් දෙකක් තමා වැදිල තියෙන්නෙ. දෙන්නටම එකම වගෙ වෙලාවක තමා පහර වැදිල තියෙන්නෙ. කෝණ දෙක එකයි. වේදිකාව මැදම ඉඳල පහර දුන්න වගේ පේන්නෙ. "
නලල් තල සියල්ල රැලි වූයේය.
නැවතත් තිරයේ බහු රූප ප්රක්ෂේපණය විණි. ස්වස්ථිකා ගේ lullaby of woe වාදනය වෙමින් පැවතිනි
"ඒක මහ හොල්මං සිංදුවක්. "
කවරෙකු හෝ පවසන විට ප්‍රධානියා හිස වැනුවේය.
"ඕක හොල්මං වයිබ් එකෙන් ගහපු එකක් තමා. "
සියල්ලෝ ඉතා සූක්ෂමව සී සී ටී වී දර්ශන සියල්ලක්ම බලා සිටියහ.
එහෙත් කිසිඳු සාක්ෂියක් නොවිණි. ස්වස්ථිකා හැරුණු කොට වෙනත් කිසිවෙකු ගේ සෙවණල්ලක් හෝ වේදිකාවේ නොවිණි. රිදී පැහැ කිණිස්සක සේයාවක් හෝ නොවිණි.
"යකෝ මේක යකාගෙ මිනී මැරිල්ලකෙන්. මොකක්ද මෙතන උනේ. "
එක් අයෙක් විමසන විට අනෙකුන් ද සිටියේ උහතකෝටියකට මැදි වූවන් සේය.
"A fallen angel "
කාමරයේ කෙළවරක සිට හඬක් ඇසිණි.
🎶🎯
නවංජනා ගේ දියණිය සුව අතට හැරෙමින් සිටියාය. ඉඳ හිට ඇති වන්නාවූ ඇගේ අසමාන්යතාවය නිවැසියන්ට අරුමයක් නොවිණි.
එහෙත් නවංජනා ගේ නවකම ආරක්ෂකයා නම් පෙර දින ඉතා කලබල වූ බව සියල්ලො දැන සිටියහ. ඔහු කෙතරම් කලබලයට පත් වූයේද යත් , නවංජනා ගේ කම්මුලක් තවම රත් පැහැ ගැන්වී තිබිණි. නවංජනා ට ඔහු ගැන ඇති ව්ඌයේ නොරිස්සුමකි. නුවී ට ඔහු ප්‍රේම කළද සිය දියණිය ව ඔහු මේ කීප දිනයේ ඔහුගේ වස්තුවක් ලෙස සිතා හැසිරෙයි.
නවංජනා සිය පුපුරු ගසන අත්ල දෙස බැලුවාය. පෙර දින සිදු වූ ඒ සිදුවීම ඇයට සිනහවක් නැංවීය.
.. නුවී නොනවත්වා හඬමින් සිටියාය. නවංජනා සිටියේ ඇයව සන්සුන් කරන්නට උත්සාහ කරමිනි. ඇයට දැනුනේ දුකකි. ඒ සමඟම මොහොතකට පෙර දුටු ඝාතනයන් නිසාවෙන් ද ඊට පසු සිදු වූ කට උත්තර දීම යොහාන් නිසා වැලකීම නිසාද ඈ සිටියේ කම්පනයෙනි.
නුවී ගේ නොනවතින හැඬුම හමුවේ අශ්වින් සමඟ යොහාන් ද පැමිණ සිටියේය. අශ්වින් වාහනය ගෙන ඒම පිණිස පිටව යන විට යොහාන් නැවතී නුවීට දෑත් පෑවේය. නුවී ද ඔහු ට දැත පෑවේ ඇයව වඩා ගන්නට යැයි පවසන්නාක් මෙනි. එහෙත් නුවීට අසනීප අවස්ථාවක ඇගේ තත්වය නොදන්නා අයෙකුට ඇයව දීම නවංජනා ප්‍රතික්ෂේප කළාය.
නුවීගේ විටින් විට වැඩි වන උෂ්ණත්වය ගැන නිවැරදිවම සංවෙව්දනය වන්නේ තමාට වග ඈ දැන ස්ඉටියාය.
"බේබිව දෙන්න මැඩම්. මම ට්‍රයි කරන්නම්. "
නවංජනා රවා බැලුවාය. ඒ පිරිමි හිත ගැස්සිණි. එහෙත් ඔහුද ආපසු රවා බැලුවේය. නවංජනා අත සිටි නුවී තවත් හඬින් හඬන්නට වන විට යොහාන් ආයාසයක් දරමින් නුවී තමා වෙතට ගන්නට වෑයම් කළේ ඇගේ හැඬුම් සිය පපුවේ රිදුමක් ඇති කළ හෙයිනි.
එහෙත් ඈ ඉඩ නොදුන් නිසා ඒ රලු අතක් ඇගේ සිනිඳු කම්මුලක් මත පතිත වූයේ සැනකිනි. හිතුවක්කාර ගැහැනුන් ට යොහාන් කවදත් අකැමති විණි.
මොහොතක් ගත විණි. නුවී නිහඬ වූයේ සිය කන අසල ඇසූ ශබ්දයෙනි. කුඩා සුරංගනාවගේ උෂ්ණත්වය තවත් ඉහල යනු සංවේදනය වූ නවංජනා ගේ දෑස් රතු වූයේ කිසිවක් සිතා ගත නොහැකිව බලා සිටි යොහාන් මදක් පිටුපසට අඩිය තබන විටය.
ඒ සිනිඳු අත්ලක් ඔහුගේ යටි හනුව ට රිදුමක් ඇති කරමින් පතිත විණි. පිටි අත්ල ආපස්සට ඔහුගේ කම්මුලක් මත පතිත වන විට ඔහුගේ යටිබඩ දෙසට පහරක් එල්ල වූයේ අනපේක්ෂිත අන්දමිනි.
- >ඊළඟ කොටසට
() දැන් ඉතින් ඔන්න් කතාව පටන් අරන් තියෙන්නෙ. මේ ලැබෙන අදහස් වලට මම ආදරෙයී දෙයියනේ ! 🤍🥺
දැනට ගෙස් කරනේවා ලැබිල තියෙනව ගොඩාඅරියක් 🌝 අපි බලමු මොකක්ද වෙන්නෙ කියල. නේ.
lullaby of woe ශෙයා කරන්නම් අහන්න. ඒක ලස්සනයි ගුප්තයි
ඔයාලා ගොඩක් කියපු එකක් හරි. යොහාන් තමා ඒ චරිත තුනම 🌝🤍🎯😎
එයා තමා මගෙ උනු උනුම රහස් පරීක්ෂක හාදය.
ඉතින් අද මොනවද හිතෙන්නෙ
කියාගෙනම යන්න
ආදරෙයී හොඳේ 🤍
- මල්-

No comments:
Post a Comment