Saturday, 7 October 2023

02

 





Mummy and mommies 


episode 2 


- the detective - රහස් පරික්ෂකයා - 


🎶🎯


ආශාධරී වාත්සල්‍යා ගමගේ , ඈ සුරූපී තරුණියකි.  මිය යන මොහොත වන විට ඈ වසර පහක් වියැති පුතු හා වසර දෙකක් වියැති දියණියකගේ මව ක් වූ අතර ම , මරණ පරීක්ෂණයේදී හෙලි වූයේ ඈ ඒ වන විට එක්මස් ගැබිණියක් වූ බවයි. වාත්සල්‍යා අවිහිංසක කමේ ප්‍රතිමූර්තියක් වූවාය. සිය සල්ලාල සැමියා දේවප්‍රිය ශෙවෝන් ගමගේ , - නූතන අගමැතිගේ පුත්‍රයා - කුමක් කලද ඉවසා දරාගෙන සිටියාය. ඇගේ මව චතුරි දක්ෂිණා කුමාරතුංග එකල සුප්‍රසිද්ධ සිනමා තරුවකි. පියා සාරද වාසුදත්ත  ලංකාවේ ප්‍රමුඛතම සාගර ජීවී නිෂ්පාදනකරුවෙකි. 


කැළඹී තිබූ මහජනයා සන්සුන් කිරීමට අගැමැති ට අවැසි වූයේ නැත. වාත්සල්‍යා මිය ගිය දිනට පසු දින මෙය "ජාති වාදී කුමන්ත්‍රණයක් යැ" යි ප්‍රකාශ කළ ඔහු සිය පුත්‍රයාට සතියකට පෙර එල්ල ව තිබූ බාලාපචාර චෝදනාව ද ඒ ගොනුවටම දමා , වාත්සල්‍යාගේ සිරුර නිවසට ගෙන ගියේය. 


නවංජනා රාජතන්ත්‍රී තරමක කම්පනයෙන් සිය පැරණි මිතුරිය ගේ දේහය නිසලව තැන්පත්  කර ඇති අයුරු රූපවාහිනියෙන් නැරඹුවාය. 

ඒ අතීතය සිහිපත් කළාය. 

ඉඳින් ඒ මිතුරිය සදහටම යන්නට ගොසිනි

 

"මාම්ම්මාම්මා"

සුරතල් සිඟිති හඬක් ඇසේ. නුවී තනිව සිනා සෙන්නේ නවංජනා අසුන් ගෙන සිටි සෝෆාවේ පසෙකින් ඇති පතොක් මල් පැළය සමඟය. 


ඒ සමඟම එක් වරම ඒ තාලය වෙනස් වූයේය. ඒ පතොක් පැළය සමඟ කතා කරනා තාලය නොවේ. 


"ව්ව්වාඅව්වා "


එය අලුත් වචනයකි. එසේ නම් අලුත් ජීවියෙක් විය යුතුය. නවංජනා හැරුණාය.

අර පෙර දින හදේ මයෝකාඩියමේ කොටසකට දැනුනු දෙදිරීම නැවත ඇරඹිණි.   ඈ සිය සැලීම සඟවා ගත්තාය. සිය දියණියගේ ජීවිතයට අලුතින් එන්නට තනන ඒ ජීවියා දෙස දැඩි බැල්මක් හෙලුවාය. 


"මැඩම් 2.00 ට මිසිස් වාත්සල්‍යා ගමගේ ගෙ ෆියුනරල් එකට යන්න ශෙඩූල් කලා කියල මැනේජර් හිරණ්‍යා කිව්ව. "

ඔහු මෙතරම් කලෙකට කී දිගම වාක්‍ය එය ය. 


නවංජනා ඒ රළු දෙතොල් දෙස බලා සිටියාය  ඒවා කළු පැහැ ගැන්වී ඇත. ඔහු දුම් පානය කරන්නෙක් විය හැක. ඇතැම් විට පෙර දින රාත්‍රියේ  තමා මෙහි හැරලවා ඔහු ගියේ දුම් බොන්නට විය හැක. 


"සිගරට් බොන එක අද ඉඳං නවත්තන්න ඕනෙ. නුවීට හොඳ නෑ. ඊයෙ ගිය එකේම යං. කළු අඳින්න. හිරූ ආවම කතා කරන්න කියන්න." 


එපමණක් කී ඈ නූවී ද රැගෙන පිටව ගියේ යොහාන් ගේ දෑස් නළලට යන්නට සලස්වමිනි. නුවී අසතුටු හඬක් නැගුවාය. එහෙත් නවංජනා එය නොසලකා හරිමින් සිය කාර්යාලීය කාමරය වෙතම ගියාය. 


යොහාන් තොලක් සපාගත්තේය. 

නවංජනා රාජතන්ත්‍රී , ඈ ඇතැම් විට තමන් ට වඩා වසර පහක් වැඩිමල් විය හැක. වයසට සාපේක්ෂව සහ ඈ දරන වගකීම් වලට සාපේක්ෂව ඇගේ පෙනුම කුඩා විණි.කුඩා නුවී ගේ මව කියා කිවිය නොහැකි තරමට ඈ තරුණ පෙනුමැති වූවාය.  එහෙත් ඒ ඇස් වල යම් පරිණත තියුණු බැල්මක් ඇති වග ඔහු නිරීක්ෂණය කළේය. එහි යම් හෙම්බත් වීමක් , කලකිරීමක්, යට ගියාවූ දිස්නයක් ඔහු දුටුවේය.

ඉඳින් ඒ යොහාන් පෝල් ජොන්සන් ගේ තිව්‍ර ඇස් ය. 


ඈ දිවයිනේ ප්‍රමුඛතම සන්නාම  නිර්මාණකරණයේ යෙදෙන්නියකි. අතිශය ඉල්ලුමක් ඇති කාර්‍යබහුල දැඩි සිත් ඇත්තියකි. 

ඇගේ සැමියා ගැන යොහාන් දැන නොසිටියාය.  


ගැහැනියක් බබලන්නේ නම් ඇගේ රෙද්දේ තුත්තිරි බලන ප්‍රමාණය අවම ය. 


මන්දයත් ඈ සතුව එක් අසාමාන්‍ය ආකර්ෂණීය බලයක් විණි. 


යොහාන් හිරන්‍යා ට ඇමතුමක් ගත්තාය.


"අක්කා "


එහා පසින් පිලිතුරු ලැබිණි


" ඕ යොහා නවී ට ඔයා කිව්වද මම මේ එන ගමන්. අශ්වින් ට කියන්න සෙට් එක රෙඩි කරගන්න කියල. "


හිරන්‍යා කියවමින් සිටී. ඇගේ හඬේ යම් බෙලෙක් ස්වභාවයක් වෙයි. ඒ හඬ අසන්නට අපහසුය. 


" මොනාටදෝයි සෙට් එකක්. මම මදිද ? "


යොහාන් සැබැවින්ම සිටියේ විස්මයෙනි.


"හු_ක් කරන්නැතුව කියන එක කරපං පොඩි එකෝ."


සුපුරුදු පරුෂ වචනයෙන් බැන වැදුනු හිරණ්‍යා ඇමතුම විසන්ධි කරන විට යොහාන් ගේ නහර ඉලිප්පුණේය.

හිරණ්‍යා ගේ ස්වරූපය එය ය. ඇගේ වචන භාවිතය අශීලාචාරය. එහෙත් ඈ විශේෂවේදී උපාධියක් පවා හිමි සර්වාංග වෛද්‍යවරියකි. 


නවංජනා ගේ කළමණාකාරිණිය වීමට හේතුවක් නොදැන සිටි යොහාන් එතැනින් පිට වූයේය.


🎶🎯


 ස්වස්ථිකා සිහිය ලබන තුරු ඇගේ සයනය අසල බලා සිටියේ සොයුරන් තිදෙනා - අප්‍රකාශිත අඩ සොයුරා ද ඇතුළුව - පමණක් නොවේ. 


ඉන් එපිටින් පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකුද බලා සිටියේ ඇගෙන් කට උත්තරයක් ලබා ගනු පිණිස ය. මන්දයත් සිද්ධිය සම්පූර්ණයෙන් දුටු අයෙක් වී නම් ඒ ස්වස්ථිකා ම පමණකි. 


🎯🎶


මියගිය තැනැත්තියගේ හදවත පසාරු කොට තිබුණේ රුදියෙන් කළ කිණිස්සකි. එහි යම් විසක් කවා තිබූ බව ද ඈ එයින් ඇති වූ ආසාත්මිකතාවයෙන් මිය ගිය  වගද මරණ පරීක්ෂණ වාර්තාවේ දැක්විණි.


සිදුවීමේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා , තරුණ ඕෂල ගිම්හාන සිය මේසය මත අතුරාගෙන සිටියේ සී සී ටී වී රූපරාමු ය. සිය මිතුරා වූ සිදුවීම භාර ප්‍රධාන නිලධාරියාට උදව් කිරීම ඔහුගේ මූලික අරමුණ ව තිබිණි. 


"මචං ඒක සුපර් ශොට් එකක්. මීට කලින් මම නං ඔහොම එකක් දැකල නෑ. මේ විස සෑහෙන වේදනාවක් දෙන එකක් වගේ. අපි ලැබ් එකට දැම්ම ඒක. උඹ කියන්නෙ මේක කොහොම උනා කියලද? කිණිස්ස එන පැත්ත හොයාගන්න බෑ. ඒක නිකං හොලමනක් ගැහුව වගේනෙ ඕයි. "


ඕෂලගේ  මුහුණ ඇද වී ඇත. 

තරුණ නිලධාරියාගේ මුවට සිනහවක් නැගිණි.


"කෙලිම්ම හොයාගන්න පුළුවන් නං අපිට දෙන්නෙ නෑ නෙ බං. ඔන්න ඕක අතෑරපං. මේ ටිකේ මම ඉන්වෝල් වෙලා ඉන්න එක ඊට වඩා මරු. "

 ඕෂල සිය මිතුරා දෙස බැලුවේය. ඔහු සැබැවින්ම දක්ෂ රහස් පරීක්ෂකයෙකි. කඩවසම් තරුණයෙකි. වර්තමානය වන විට ඔහු බාහිර තවත් චරිත ද්විත්වයකට පණ පොවමින් සිටී

 

මේ සියල්ල රහස් පරීක්ෂකයන්ගේ රහස් ය. 


"හෙට කැම්පස් යනවද? "

ඕෂල විමසුවේ මොහොතකට පෙර  වාත්සල්‍යා ගේ මරණ යට හේතු වූ විෂ ගැන කල පරීක්ෂණ වාර්තාව ගෙන  දුන් සේවකයා  පිටතට යැවීමෙන් අනතුරු වය. 


"වැඩ හිර වෙලා බං. කැම්පස් යන්නෝනෙ හෙට. අරකි එක්ක කොහොම හරි යන්න ඕනි එහෙ. හවසට අනික් වැඩේ. බිස්නස් මීටිං එකක්ලු. තව පැය භාගෙකින් ගෙදරට දාන්නත් ඕනෙ "


ඕෂල නළල රැලි කරගත්තේ වාර්තාවට අවධානය යොමු කරමිනි. 

"යකෝ ස්වභාවිකයි. නියඟලා අල, කනේරු ඇට  ,විෂ බිම්මල් ජාති 3ක් ! මේවනෙ යකෝ විෂ! උඹට තාමත් හිතෙනවද මේක අතාරින්න පුළුවන් කේස් එකක් කියල ? !" 


🎶🎯


"ඇත්තටම අපිට මාස දෙකකට ම ටිකට් සෙල් වෙලා තියෙන්නෙ. සතියක්  පෝස් කලෑකි ස්වස්ථිකා ගෙ අසනීපෙ නිසා. "

 ශ්වාත්, ශ්වේත් ට කියමින් සිටියේය. අඩ සොයුරු ඔනෙත් සාරන්‍ය සිටියේ සුපුරුදු පරිදි සිය රූබික් ගණකය සකසමිනි. 


"මල්ලි කොහෙද හිටියෙ මේක වෙන වෙලේ? "


ශ්වාත් විමසුවේය. රූබික් ගණකයේ හඬ නෑසී ගියේය.


"පිටිපස්සෙ. අක්කි එනකං ".


නැවත රූබික් ගණකයේ හඬ ඇසෙන්නට ගත්තේය. සාරන්‍ය සහ ස්වස්ථිකා සැබැවින්ම අතිශය ළගන්නා සුළු ලෙස සමීප ය. දෙදෙනාට දෙදෙනා නැතිව නොහැකි තරමට ම  ඔව්හු බැඳී සිටියහ. මව් පාර්ශවයෙන් උරුම වූ සංගීත හැකියාව සාරන්‍ය ව වෙන් කළ එකම සාධකය විණි. 


එහෙත් ඔහු ගණිතයෙහි අතිශය දක්ෂයෙක් වූයේය. අතිශයින් පිළිවෙල ඔහුගේ  හැසිරීම් අවිහිංසක ය. එහෙත් ඍජුය. 


" අපි එහෙනම් මේ සතියෙ ශෝ ටික කැන්සල් කරමු. ස්වස්ථිකා ඉන්නෙ ශොක් එකේ. "


සුසුම් හඬක් ඇසිණි.


"එයා ඒ ඇස් දෙකටම දැක්ක පළවෙනි පාරට "!" 


- > ඊළඟ කොටසට 


🌝

ස්තූතියී පටන් ගන්නකොටම දුන්නු ආදරේට. ඒ වචන මහ මෙරක් තරම්


මම ඉල්ලන්නෙ එක දෙයයි.

ගෙස් කරන්න!


කවුද අර නම නොකියන නිලධාරියා


එතකොට


ඇත්තටම කවුද මෙහෙම දේවල් කරන්නෙ ?

No comments:

Post a Comment

මෙලින්සා

  මෙලින්සා • ඒක වැස්ස දවසක්. වැස්සට මම ආස නැති හේතු එකයි. ඒක තමා කුඩේ ඉහළගෙන යන්න වෙන එක. කොයි තරං අව්වක් තිබ්බත් කුඩයක් ඉහළගෙන යන්නැති මට, ...