රස්සාව කරන්නේ නොකර බැරි හින්දාය
බඩගින්නෙ දරු පැටව් කෑ ගහන හින්දාය
ගඳ නිසා ළඟින් යන අයගෙන් මම නින්දාය
ඒ උනත් මගෙ උන්ට තාම මම අම්මාය
හංදියේ හැම තැනම සුද්ද කරන්නට කලින්
හරි අපුල දැනෙනවා ආවාම පාන්දරින්
ලඟින් යන විට වැහුවාට නහය නුඹෙ ලේන්සුවෙන්
හත් දවසකත් කුණුය අයින් කරන්නේ අතින්
ගැහැනියක් ලස්සනයි සේද සළු ඇන්දාම
නගරයක් ලස්සනයි කිසි කසල නැති දාට
රෑ උදේ වරුව සිට මෙහෙම කුණු ඇද්දාම
දවල්ටයි ලස්සනක් පෙනෙන්නේ මිනිසාට
ඩිකි පිටින් පුරවාන පාරටම හලාලා
කන ටොපියෙ කොලය තුන හතරකට නමාලා
ඉතුරු උනු බත් එකත් පාරටම හලාලා
සේද සළු පොරවාන යන අරුම පෙනේයා
-mal🤍✍🔮
No comments:
Post a Comment