Wednesday, 4 August 2021

 

වත්සලාට

කිරිල්ලියක් සේ පියඹන ගුවනේ                                  තටු සලා

මගේ හිත නුඹ හොරා අරන් නේද                              කළඹලා

ඇස් වැහුවත් මට පේන්නෙ දැන් නුඹම                             තමා

නියර දිගේ දුවල එන්න හිදිමි මග                                       බලා

 

පෝයදාට තෙල් මල් ගෙන සුදෙන්                              සැරසිලා

පිච්ච මලක් වගේ ගතේ සුවඳ                                       විහිඳනා

බෝ මලුවට එලිය ගෙනත් පුරහඳ                                  වැඩලා

මටත් ටිකක් එලිය දෙන්න බැරිද                                  වත්සලා

 

මල් පිරිච්චි නුඹේ ගවුම දණක්                                      ඔසවලා

වැවට බැහැලා මානෙල් මල් මිටක් ම                              කඩලා

ඉවුර දිගේ දුවත් ඇවිත් පාරට                                         පැනලා

ගල් ගැහිලා මං හිංදා මදක්                                        නැවතුනා

 

හරිම ලස්සනයි කිව්වට ලාවට                                          රවලා           

ඇස් කොණකින් මදෙස බලා හොරෙන්                   හිනැහිලා

ආපු වේගෙ බාල කරල ආපහු                                         හැරිලා

යන හැටි මං බලං හිටිය මෙමට                                   ගස්සලා

 

ආරංචියි වග නුඹ හට විස්සත්                                        පැනලා

තාම නැතිලු කුමාරයෙක් නුඹට                               ගැලපෙනා

මගේ හිතේ මාළිගයේ රැජිණි නුඹ                                     තමා

මාත් එක්ක කොළඹ යන්න එන්න                              වත්සලා

 

No comments:

Post a Comment

මෙලින්සා

  මෙලින්සා • ඒක වැස්ස දවසක්. වැස්සට මම ආස නැති හේතු එකයි. ඒක තමා කුඩේ ඉහළගෙන යන්න වෙන එක. කොයි තරං අව්වක් තිබ්බත් කුඩයක් ඉහළගෙන යන්නැති මට, ...