Mummy and Mommmie
episode 01 -
421
නෙළුම් පොකුළ රඟහල වෛවර්ණයෙන් සැරසීගෙන තිබුණේය. ටිරෝන් ශ්වාත් පෙරේරා, සිය සොයුරු අශේන් ශ්වේත් පෙරේරා සමඟ, අවසාන පුහුණුවීමද නිම කොට වේදිකාවෙන් බැස එන සිය සොයුරිය ඔලෙනා ස්වස්ථිකා පෙරේරා දෙස බලා සිටියේ ප්‍රේමයෙනි.
ඈ පිවිතුරු ය. සියුමැලි ය. ඇගේ අතෙහි ඇගේ ප්‍රියතම වාදක භාණ්ඩය ගිම්බාර්ඩයක්* විණි.
ඔලෙනා ස්වස්ථිකා හැඳ සිටියේ තනි සුදු පැහැ දිගු ගවොමකි. ඇගේ වතින් සුරඟන පෙනුමක් දිස් විණි. සුදු පැහැය ඇගේ ප්‍රියතම පැහැය විණි.
ඈ පළඳින, රැගෙන යන දේවල් වලින් වෙනස් පැහැයක් ගත්තේ කහ පැහැ ගිම්බාර්ඩය පමණකි.
ප්‍රසංගය ආරම්භ වීමට පැවතුණේ තවත් අඩ හෝරාවක් පමණකි.
ඇගේ දෑතෙහි සුළු වෙව්ලීමක් විණි. ඈ ඉදිරිපස පේළිය දෙස බැල්මක් හෙලුවාය. තවත් නිමේෂයකින් රඟහල මිනිසුන්ගෙන් පිරීයන්නට පටන් ගන්නා වග තේරුම් ගත් ඈ වහා සිය සොයුරන් සමඟ වේදිකාව පසුපස කුටියක රැඳුණාය.
🎯🎶
යොහාන් පෝල් ජොන්සන්, සුදු කමිසයක් හැඳ , ක්‍රීම් පැහැ කලිසමක් හැඳගත් තරුණ මිනිසා රොලෙක්ස් වර්ගයේ සිය ඔරලෝසුව දෙස නැවතත් දෙනෙත් යොමු කළේය.
"shva siblings concert " තව අඩ හෝරාවකින් ඇරඹීමට නියමිත ය.
නවංජනා රාජතන්ත්‍රී තවමත් සූදානම් නැති වග ඔහු දැන සිටියේය. සිය නවතම ප්‍රධානියා, ඈ අතිශය සුන්දර ය. එහෙත්, රාජකාරී වෙලාවෙන් පසුව ඇගේ කාර්යන් කිසිවක් වෙලාවකට සිදු නොවේ. සිය අකීකරු නෙත්, ඈ වෙත නොහෙලීමට ඔහු සපථ කරගෙන සිටියේය. තවත් තත්පර තුන්සියයකට පසුව ඉවසීමේ අන්තයට ගිය ඔහු, සිය සේවාලාභී ආයතන ප්‍රධානියාගේ නීති වලට අවනත නොවෙමින්, සුඛෝපභෝගී අවුඩි රථයට නැගුණේය.
කිරි සිනහ හඬක් නැගුණේය. යොහාන් ගේ දෑස ඒ හඬ වෙතට දිශානත විණි. කුඩා දැරිය නුවී මිලේනාගෙන් ක්ෂණික සුරඟන බැල්මක් ඇයට හිමි විණි. ඒ සමඟම තවත් සුරඟනක් රථයට පිවිසියාය.
මන්දිරයේ ප්‍රධාන ද්වාරය අසළ , ජෙරාඩ් අශ්වින් , ප්‍රධාන ආරක්ෂකයා ගේ බළල් ඇස් කෝපයෙන් දිලිසෙන වග නිරීක්ෂණය වුවද, පමා වූ කාන්තාව වෙනුවෙන් ද්වාරය හරින්නට උත්සුක නොවීම ගැන ඔහු මදක් පසුතැවුණේය.
"මම්මාමාමාම්මා"
කුඩා නුවී මවගේ ළය මත කුමක් හෝ සොයන්නී නවංජනා ඇඳ සිටි ලා දුඹුරු පැහැ බ්ලවුසය තුළට හිස දමන්නට උත්සාහ කරමින් හඬ නැගුවාය.
තවමත් පිටත් වීමේ විධානය නොලද තැන යොහාන් ගේ දෑස් ඈ මතට වැටිණි. සිය සිතේ යම් කොටසක් දෙදරනු ඔහුට දැනිනි. තලෙලු ඇගේ සම රථයේ කහ පැහැ අලෝක ලප වලින් දිලීසීමක් සමඟ දිස්විණි. සිය සේවකයින් වෙත තියුණුව හෙලනා නපුරු බැල්ම, ළගන්නා සුළුව ළදැරිය වෙත යොමු ව තිබිණි.
සුළු මොහොතකින් ළදැරියගේ දෑත් ලා ඇගේ ළය සොයා ගවේෂණයක යෙදෙන විට නවංජනා අපහසුවෙන් රතු ව යනු දුටු යොහාන්, රථයේ එන්ජිම ක්‍රියාත්මක කලේ ඒ වෙත අවධානයක් නොදෙමිනි
මොහොතකින් ඒ සිඟිති සුරඟන දෑස් වල කඳුලු පිරෙනුත් ඈ සිය මවගේ ළයට පහර ගසන්නට පටන් ගත්තේත්, යොහාන් ගේ අකීකරු දෑස් වලට ඒවා වාහනයේ පැති කණ්නාඩියෙන් දිස් වන විටය.
ඔහු වහා රථයෙන් බැස්සේය. අකීකරු ගතෙන් වායු සමනය කොට තිබියදී පවා දහදිය වෑස්සෙනු නිරීක්ෂණය කළ ඔහු සිය සුදු පැහැ ගොරෝසු පිස්නාව ගෙන සිය ගෙල පිසදාගත්තේය.
ඉන් පසු නවංජනා ගේ පස දොරටුව විවර කෙරිණි.
"මැඩම්, පිටිපස්සට ගියොත් දෝණිට ෆීඩ් කරන්න පුළුවන් . "
නවංජනා ප්‍රථම වරට ඇසූ ඔහුගේ ගොරහැඬි හඬින් ගැස්සුණාය. ඒ නිහඬ තරුණයා කතා කළ ප්‍රථම වතාව එය ය. නවංජනා දැස් කොණින් ඔහු දෙස බලා ලදැරිය අතැතිව පිටතට පිවිසෙන විට, ඔහු පසුපස දොරටුව විවෘත කොට තිබිණි.
ඈ පසුපස අසුනට බර ව ළදැරියට සිය සිතැඟි සපුරාලන්නට ඉඩ දුන්නාය.
එහෙත් ඇය සිටියේ අපහසුවෙනි. එය වටහාගත්තාක් මෙන්, රියදුරු අසුනට බට යොහාන් කිසිවක් නොකියාම පසුපස දර්ශනය වන කැඩපත සිය ලේන්සුවෙන් වසා දැමුවේය. අනතුරුව නියෝගය ලැබෙන තුරු බලා සිටියේය.
කල්පනාවේ සිටි නවංජනා ගැස්සුණේ ප්‍රධාන ආරක්ෂකයා පසුපස ජනේලය වෙත කළ තට්ටුවෙනි. ඈ වහා සිය ළැම ආවරණය කොට ගෙන එය විවෘත කොට ඔහු දෙස බැලුවාය.
"මැඩම් යන්නෙ නැද්ද? "
ඔහු විමසුවේ කලබලෙනි.
"ආහ්? ආ යමු යමු. දෝණි පොඩ්ඩක් අවුල් උනා . දැන් යමු"
කිසි විටෙක මෙලෙස කලබල නොවෙන තමන් ගේ සිහියට කුමක් විණි දැයි කල්පනා කරමින් ඈ පවසා අවසන් කරන විට රථය ප්‍රධාන ද්වාරයද පසු කොට තිබිණි.
ඇගේ දෑස් අහේතුකව , සිය නව පෞද්ගලික ආරක්ෂකයා වෙත යොමුවිණි.
ඔහු නිහඬ ය. අතිශය කඩවසම් ය. ඒ දෑස් බැල්ම ස්ථීර හා ඍජු ය. මේවාට සිත ඇදී යයි. ගෙදර පෑමිණි පසු ඔහුගේ ජීව දත්ත පත්‍රිකාව පිරික්සිය යුතු යැයි සිතූ සිතිවිල්ල, ළැදරියගේ සැපුමක් සමඟ ලොප් විණි.
" ආව් දෝණි! "
🎶🎯
මීට පෙර ශ්‍රී ලාංකික වේදිකාවක් මත ඉදිරිපත් නොවූ සාම්ප්‍රදායික රුසියානු වාදනයක් නෙළුම් පොකුණ රඟහලේ අමුත්තන් රැසක් පිනවමින් ඉදිරිපත් වී තිබිණි.
සුප්‍රසිද්ධ Britain got talent වෙතින් සිය දක්ෂතාවයන් පෙන්වා කල එලි දුටු " Shva Siblings " ඉදිරිපත් කළ ප්‍රසංගයන් හී හාරසිය විසි එක් වැන්න සිය මව් රට වූ ශ්‍රී ලංකාව වෙත ගෙන ඒමට සමත් වීම ගැන ශ්වා සොයුරු සොයුරියෝ සංතෝශයෙන් පසු වූහ.
ප්‍රසංගයේ පලමු හෝරාව අහවර වන විට ස්වස්ථිකා වේදිකාවට පිවිසුනාය. නිමක් නොවන ඔල්වරසන් නාදය නිසා මෙන්ම නමක් නොදන්නා හේතුවක් නිසාවෙන් ඈ රතු ව ගොස් සිටියාය. එය මනරම් සන්ධ්‍යාවකි.
ඈ සියල්ලන්ට ආචාර කොට සිය ගිම්බාර්ඩය අතට ගත්තාය.
අශේන් ගෙන් පසුබිම් සංගීතයක් සැපයෙන විට සියල්ලෝ නිශ්ශබ්ද වූහ. ස්වස්ථිකා මුවින් හඬක් නිකුත් කළාය. එය වළි කුකුළකුගේ හඬකි. ඊළඟට පිළිවලින් කැහි බෙල්ලෙකු, පිළිහුඩුවකු, සුදු රෙදි හොරෙකුගේ ශබ්දය ඇගේ තොල් වලින් පිටතට එන විට ප්‍රේක්ෂකාගාරයේ සියල්ලන්ගේ මුව උල් ව විස්මයෙන් පැවතුණේය. . දැවැන්ත වේදිකාව මත ධවලයෙන් වැසුණු ඈ කිරි ගරුඬ පැහැ වත දිලිසෙමින් සුරඟන වෙස් වලා තිබිණි.
අනතුරුව ඈ ගිම්බාර්ඩය අතට ගත්තාය. එය මුව තුළ රුවා ගෙන නූල තද කොට සිය විශේෂිත වාදනය ඇරඹුවාය.
එය අතිශය අභිරහස්මය වාදනයක් විණි. සියල්ලෝ ඒ දෙස බලා සිටින විට ඇගේ දෑස් ඉදිරි පෙල අසුන් කරා දිවෙන බව දුටු එක් කාන්තාවක් - ,සැබැවින්ම ඈ වර්තමාන අගමැතිගේ පුතුගේ බිරිඳ විණි - ඇයට අත වනා සිය සතුට ප්‍රකාෂ කලාය.
අදාල කාන්තාවට වම් පසින් වූ හිස් වූ අසුන දෙස බැලූ ස්වස්ථිකා සිය වාදනයේ උච්චතම අවස්ථාව වෙත පියනගන්නට වූවාය.
සියල්ලෝ දෑස් දල්වා රසවිඳින්නට වූයේ ගිම්බාර්ඩයේ උච්ච සංඛ්‍යාතයන් ය.
එහෙත් එක් වරම වේදිකාවේ මයික්‍රොපෝනය පුපුරා යන තරම් කෑ ගැසීමක් කළ ස්වස්ථිකා ඒ මත ඇද වැටුණාය.
එක් වරම පළමු පේලියේ සිටි කාන්තාවකගේ විලාපය , රඟහල පුරා දෝංකාර දෙන විට , නවංජනා ගේ ගත හැඩි දැඩි දෑතකට මැදි වූයේය.
"කාටහරි පිහියෙන් ඇනල! "
ළදැරිය මහා හඬින් හඬන්නට ගත්තාය. දහස් ගණනක් වූ ජනකායකගේ හඬ මැද ඈ සිටියේ කම්පනයෙනි . ඈ සනසන්නට නවංජනා අසාර්ථක උත්සාහයක නිරත වූයේ සිදු වූයේ කුමක්දැයි වටහා ගත නොහැකිව ය.
"හේයි, නුවී "
යොහාන් ගේ එක් ස්පර්ෂයකින් නුවී නිහඬ වූවාය . කලබල මැද්දෙන් ඈ ඒ විසල් මිනිසා දෙස බලා සිය දෑත ඇයට පෑවාය.
කලාතුරකින් මැවෙනා සිනහවක් මුවේ රඳවාගත් ඔහු ඇයව අතට ගෙන කිසිවක් නොපවසාම නවංජනා ව පිටතට ගෙන ගියේය.
🎯🎶
"අනේ මංද සර්, කොහෙන් කොහොම උනාද කියල. එක පාරම පිහියක් පාත් උනේ කොහොමද? , අනික හරියටම හාට් එකටමයි. ඒත් ඒක කොහොම ආවද කියල හිතා ගන්න බෑ. හරියට හොල්මන් වගේ. "
ඔහු සිටියේ නැවත නැවතත් සීසීටීවී දර්ශන නරඹමිනි.
"මම හිටියෙ පිටිපස්සෙ. යකෝ මේ අපේ අගමැතිගෙ ලේලි. ! අපි දවස් දෙකක් ඇතුළත මේක හොයන්නෝනෙ. "
තරුණ ප්‍රධානියා ගිගිරුවේය.
- > ඊළඟ කොටසට
- ඉතිං වෙනස් ද ? මොනවද හිතෙන්නෙ ? ,
පුංචිම හරි දෙයක් කියං යන්නෝ -
ආදරෙයී
- මල්-
